2030 වසර වන විට චන්ද්‍රයා මත මිනිසුන් සහිත ස්ථිර මධ්‍යස්ථානයක් ගොඩනැගීමට රුසියාව සූදානම් වන බව වාර්තා වෙයි.
මෙම ජනාවාසය සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම වෙනුවෙන් 2024දී රුසියානු අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා ගවේෂණය කිරීමට නියමිතය.
රුසියානු පුවත් සේවා පවසා ඇත්තේ සඳ මත මිනිස් ගවේෂණයන්ට මග හෙළි කරන ලූනා 25 යානයේ නිපැයුම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
චන්ද්‍ර මධ්‍යස්ථානයේ කොටස් අභ්‍යවකාශගත කිරීමට අවශ්‍ය බර එසවුම් රොකට්ටුවේ ඉදිකිරීම්ද රුසියාවේ රොස්කොමොස් අභ්‍යවකාශ ආයතනය විසින් අරඹා ඇතැයි පැවසේ.
ගමන් වාර 6 කින් මධ්‍යස්ථානයේ කොටස් සඳ මතට යැවෙනු ඇති අතර එතැන් සිට දස වසරක් මුළුල්ලේ එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ඇත.
මොස්කව් බලධාරීන් පවසා ඇත්තේ මෙම චන්ද්‍ර මධ්‍යස්ථානය ස්ථිර ඉදිකිරීමක් වනු ඇති බවයි.
එමෙන්ම මෙය අභ්‍යවකාශ තරගයේ අතරමැද අවස්ථාවක් නොවන බවත් රුසියාව සඳ මත ස්ථිර පදිංචියට එන මෙම ක්්රියාන්විතයේ ආරම්භයක් මිස අවසානයක් නොවනු ඇති බවත් රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ද්මිත්රි රොගොසින් පවසා තිබේ.
ඇමරිකාවද සඳ ගවේෂණය කිරීම සඳහා අවධානය යොමු කරමින් සිටින අතර එය අගහරු මතට මිනිසුන් යැවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සිදුකිරීමට නියමිතය.
විචාරකයින් පවසන්නේ රුසියානු සැලසුම් සමග නව අභ්‍යකාශ තරගයක් ඇතිවීමේ ඉඩකඩක් ඇති බවයි.
