හොලිවුඩ්

ආනෝල්ඩ් මස් කන්නේ නැතිව දවසක් ඉන්න කියන්නේ ඇයි?

05

කාලගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා සතියකට එක දිනක් හෝ දෙකක් නිර්මාංශ ආහාර පරිභෝජනයට මිනිසා පුරුදු විය යුතු බව කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ස්වාසනේගර් කියයි.

වායුගෝලයට මුදා හැරෙන මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 28%ක් පමණ සත්ව ගොවිපළවලින් විමෝචනය වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි ජනප්‍රිය හොලිවූඩ් තරුවක් වන ස්වාසෙනේගර් බී.බී.සීයට පවසා ඇත්තේ.

එමගින් මිහිතලය රත්වීම සිදු වන බැවින් මාංශ පරිභෝජනය පාරිසරික ප්‍රශ්නයක් වී ඇති බව ඔහු කියනවා.

තමා හිමි කර ගෙන ඇති ආකාරයේ දේහයක් ඇති කර ගැනීමට අපේක්‍ෂා කරන තරුණයන්ට සත්ව මාංශ ආහාරයට ගැනීමකින් තොරව එය ඉටු කර ගැනීමට හැකිදැයි විමසු විට කාය වර්ධන ශූරයෙකු වූ ආනෝල්ඩ් ස්වාසෙනේගර් පවසා ඇත්තේ සාර්ථක කාය වර්ධන ශූරයන් මාංශ පරිභෝජනයෙන් වැළකී ඇති බවයි.

‘ශරීරයට ප්‍රෝටීන ලබා ගත හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. කායවර්ධනයේ යෙදෙන නිර්මාංශ වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් මම දැකල තියෙනවා.’ කියලා ස්වාසනේගර් කියලා තියෙනවා.
10

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!