ලොකු කුඩා හැම කෙනෙකුගේම වගේ අතේ තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය.
මේ ෆෝන් එක නිසා අමාරුවේ වැටුණු කලා තරු දෙකක් තමන්ට අත්විදින්න වුණු රසබර සිද්ධි ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
ගායන ශිල්පී ටෙහාන්
‘‘මේ සිද්ධිය වුණේ සතිදෙක තුනකට කලින්.මට මොබයිල් රීලෝඩ් තරඟයකින් ලක්ෂ දහයක් ඇදිලා කියලා කෝල් එකක් ආවා.එයා මං මොබයිල් බිල් ගෙව්ව දවස් එහෙම ගැනත් කිව්ව හින්දා ඒ කෝල් එක ගැන සැකයක් හිතුණේ නැහැ.ඒත් අන්තිමේට දැනගත්තේ ඒක බයිට් එකක් කියලා.බයිට් එක දුන්න කෙනාව තාම අල්ලගන්න බැරිවුණා.
ප්රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල
කාලෙකට කලින් මගේ මොබයිල් එකට ඇමතුමක් ආවා.‘‘මච උඹ හොඳින්ද‘‘ මම ඒ කතාවට ටිකක් විතර තැතිගත්තා.ආපහු කෝල් එකක් ආවා.ඒ වගේම එදා දන්න අඳුනන හැමෝම වගේ කෝල් කළා..පස්සේ මම වැඩකට එක්තරා ඔෆිස් එකකට ගියා .එතන හිටිය කට්ටිය මාව දැකලා හොල්මන් දැකලා වගේ බයවෙලා හිටියා.පස්සේ තමා දැනගත්තේ රොඩ්නි කියන නම තියෙන අපේ පැත්තේ හිටිය කැසට් නිෂ්පාදකගේ මරණයක් හින්දා ඒ රොඩ්නියි මාවයි පටලවාගෙන කියලා..
