ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්රමසිංහ මහකා අද මහබැංකුවට ගොස් තිබෙනවා.
මහබැංකුව සඳහා නව අධිපතිවරයෙකු තවත් පැය කිහිපයක් ඇතුළත පත්කරන බව ජනාධිපතිවරයා අද පෙරවරුවේ ප්රකාශ කිරීමෙන් පසු ඔහු මෙලෙස ඔවුන් දෙදෙනා මහබැංකුවට ගොස් ඇත.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මහබැංකුවේ ඉහළ පෙළෙ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වෙමින් සිටියි.
මේ අතර වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු මහබැංකුවේ කටයුතු ගැන එහිදී සාකච්ඡා කැ ඇති මෙම දෙපළ මහ බැංකු සේවකයින් සමඟ තේ පැන් සංග්රහයකද නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී මහ බැංකු අධිපතිනරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බව වාර්තා වෙයි.
