Gossip

ලොව වටිනාම දියමන්තිය වෙන්දේසි කරයි (ඡායාරූප)

cvr

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම නොකපන ලද දියමන්තිය ඊයේ (29) දින ලන්ඩනයේදී වෙන්දේසි කෙරුණා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී බොස්ට්වානා හි පතලකින් සොයා ගනු ලැබූ මෙම දියමන්තිය කැරට් එක්දහස් එකසිය නමයකින් (1,109 carat gem) යුතු වන අතර විශාලත්වයෙන් ටෙනිස් බෝලයකට සමාන වෙයි.

දියමන්තියේ කාල නිර්ණය කිරීමේ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පාශානය වසර කෝටි දෙසිය පනහකට වඩා පැරණි බවයි.

මෙතරම් විශාල වටිනා නොකපන ලද දියමන්තියක් ජනතාවට විවෘත්ත වෙන්දේසියක අලෙවි කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

සාමාන්‍යයෙන් මෙවැනි විශාල මැණික් හෝ දියමන්ති හමු වූ විට පතල් කරුවන් තෝරාගත් ධනවතුන්ට පළමුව සිය සොයා ගැනීම ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් උපරිම මිලක් ලබා ගැනීම සිරිතක්ව පවතියි.

‘ලෙසෙඩි ලා රෝනා’ යනුවෙන් නම් කර ඇති මෙම දියමන්තිය ඇමරිකානු ඩොලර් කෝටි හතකට ඉහළ මිලකට වෙන්දේසියේදී විකිනෙනු ඇති බවට විශ්වාසය පළ කෙරෙන අතර ලාභයෙන් 60%ක මුදලක් හිමි වන්නේ බොස්ට්වානා රජයටයි.

මින් පෙර විශාලතම නොකපන ලද දියමන්තිය සොයා ගනු ලැබුවේ 1905 වර්ෂයේ දී දකුණු අප්‍රිකානු පතලකදීයි.

එම විශාල දියමන්තිය කැපීමෙන් ලබා ගත් ඔප දමන ලද දියමන්ති නමයෙන් විශාලම පාශානය ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්රිකා’ (‘Great Star of Africa’) යනුවෙන් නම් කළ අතර බ්‍රිතාන්‍යය රැජිනගේ සෙංකෝලය අලංකාර කිරීමට ලබා දී තිබේ.

1 2 3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!