කවදා කොයි මොහොතක අපිට මේ ජීවිතේ දාලා යන්න වෙයිද කියලා අපි කාටවත් කියන්න බැහැ.
යන්න වෙලාව ආවම මොන සෙල්ලම් දැම්මත් නොයා ඉන්නත් බෑ..
ඒක තමයි ජීවිතේ හැටි.
කොයි තරම් සල්ලි, බලය තිබුණත් කවදාවත් පහුකරන්න බැරි මේ ගමන ගැන අපි මතක් කළේ අහන්න ලැබුණු සංවේදී සිද්ධියක් නිසයි.
පසුගිය දවසක දුම්රියකින් වැටිලා බරපතල සිසුවෙක් අවසන් ගමන් ගිය සිදුවීම ඔබට මතක ඇති.
මේ දරුවගේ පියා කියලා තිබුණේ හරි අමුතු කතාවක්.
ඒ් මේ දරුවට මාරක අපලයක් තිබුණු බවත් ඒ නිසා ඔහුව ආරක්ෂා කරන්න ගොඩක් දේ කළ බවත්ය.
තවද තමන්ගේ පුතාව පෞද්ගලික වාහනවලින් ගමන්න යවන්නත් නිතරම ඔහු සමග ආරක්ෂකයෙන් යවන්නත්, ආරක්ෂා යන්ත්රයක් පැළඳවීමටත් මේ තාත්තා පියවර ගෙන තිබුණා.
ඒත් මේ දරුවා තාත්තට අනතුර වුණු දවසේ කියලා තිබුණේ තාත්තේ මම කෝච්චියෙන් ගෙදර ඒනවා කියලයි. ලොකු පාසල් බෑගයත් එක්ක දුම්රියේ එල්ලිලා එද්දි ඔහුගේ අත අතහැරිලා තිබුණේ මාරයා ඉදිරියේ පරාද වෙමින්.
මේ ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්යානි ද සොයිසා මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා.
රාත්රියේ දුම්රියෙන් වැටී හිසට බරපතල අනතුරුවූ ඒ පැසැල් දරුවා අද උදෑසන අවසන් හුස්ම හෙලුවා.
දියණීයන් දෙදෙනෙකු සිටින එම පවුලේ එකම පිරිමි දරුවා ලෙසයි ඔහු උපත ලැබුවේ.. ඔහු උපතින්ම ධනවත්. නමුත් ඔහුගේ පියා කියා සිටියේ ඔහුට මාරක අපල තිබුණු බවයි. ඒ නිසා තම එකම පුතුගේ ආරක්ෂාව සදහා ඔහු බොහෝ පියවර ගෙන තිබුණා. දරුවා තම පුද්ගලික වාහන වලින් ගමන් යැවීමටත්, ඔහු නිතර ආරක්ෂකයෙකු සමග ගමන් කරවීමටත්, ආරක්ෂා යන්ත්ර පැළැදවීමටත් ඔහු පෙළඹී තිබුනේ දරු සෙනෙහස නිසාමයි….
නමුත් ඊයේ ඔහු පියාට කියා ඇත්තේ තාත්තෙ මම කෝච්චියෙන් ගෙදර එනවා කියලයි. සවස 5 යනු අතිශය ජනාකීර්ණ අවස්ථාවකි. විශාල පාසැල් බෑගයත් සහිතව ඔහු දුම්රියේ පෝල්ලේ එල්ලී ගමන් කරද්දී පාලම අසලදී ඔහුගේ අත අතහැරී ඇත. එයින්ම ඔහුගේ දිවියද අත හැරී ඇත.
කොපමණ දෙයක් සිදු කලද සමහර විට මාරයා පැරදවිය නොහැක..
