Gossip

ඒ කාරණා නිසා මම මේ ප්‍රශ්නෙදි නිහඬව ඉන්න තීරණය කළා – මගේ පෞද්ගලික ජීවිතේ දිහා බලලා මාව විවේචනය කරන්න එපා- කටකතාවලට වොල්ගා උත්තර දෙයි

වොල්ගා කල්පනී කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. ඇය සම්බන්ධයෙන් පසුගිය දවස්වල විවිධ කටකතා පැතිරෙන්නත් ගත්තා. ඉතින් ඒ හැමදේම ගැන වොල්ගා සති අන්ත පුවත්පතක් සමග කියා තිබුණේ මේ වගේ කතාවක්.

ගෙවුණු වසර ගැන නිළියක් විදිහට ඔබ තෘප්තිමත්ද?
රංගන ශිල්පිනියක් විදිහට ගෙවුණු වසර විතරක් නෙවෙයි, මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණදා සිට මේ දක්වා ගෙවුණු සැම වසරකම් මට වාසනාවන්ත වුණා කිව්වොත් හරි. පසුගිය 2018 වසර මට ගොඩක්ම විශේෂ වසරක්. ඊට හේතුව මට හොඳම නැගි එන නිළිය සම්මානය ලැබීම. මොකද, වසර කිහිපයක් තිස්සේ මම සම්මානවලට නිර්දේශ වුණා පමණයි. සම්මානයක් ලබන්න කාලයක ඉඳලා මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය ගිය වසරේදි සඵල වීම ලොකු සතුටක්.

පසුගිය කාලයේ ඔබගේ පෞද්ගලික ජීවිතය අළලා විවිධ කට කතා ඇති වුණා නේද?
මේක ලංකාවනේ. ලංකාවෙ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට කතා හදනවා නේ. බොහොම නිහඬව මේ හැම දෙයක්ම මම භාර ගන්නවා. ඒ සම්බන්ධව උත්තර බඳින්න ගියොත්, ඔය තියන ප්‍රශ්න තව තවත් දුරදිග යනවා. එතකොට ඔය කාරණා සම්බන්ධව කතා කළ මාධ්‍යයන්ට තවත් දේවල් පළ කරලා වෙළෙඳ වටිනාකමක් ලබාගන්න පුළුවන්. අන්න ඒ කාරණා නිසා තමයි මම මේ ප්‍රශ්නෙදි නිහඬව ඉන්න තීරණය කළේ.

නිහඬව සිටීම හරහා වොල්ගාට යම් පාඩුවක් සිදුවුණා වගේ කියලා හිතෙන්නේ නැද්ද?
මම හැමදාම කියන දෙයක් තමයි වොල්ගා කල්පනී කියන රංගන ශිල්පිනියට පමණක් ආදරය කරන්න. එයාගේ නිර්මාණ රසවිඳින්න. ඒවාට ප්‍රතිචාර දක්වන්න කියන දේ. එහෙම නැතිව මගේ පෞද්ගලික ජීවිතේ දිහා බලලා මාව විවේචනය කරන්න යන්න එපා. මගේ තාත්තා මට පොඩි කාලේ ඉඳලා කියලා දුන්න දෙයක් තමයි මිනිස්සු කියයි, ඔයාට ඒවා වැඩක් නැහැ. ඔයා ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැතිව ඉන්න. ඔයා දන්නවානේ ඔයා කවුද කියලා. මිනිස්සු ගොඩක් කතන්දර කිව්වා මට. මම ඒ හැම දෙයක්ම හිනාවෙලා සතුටින් භාරගත්තා. ඒ වගේම තමයි මම තාම බලාගෙන ඉන්නවා මිනිස්සු කියන දේවල්. මට ඒ දේවල්වලට උත්තර දෙන්නවත්, අමතර ප්‍රසිද්ධියක් ගන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මොකද, මම කලා ක්ෂේත්‍රයට ආපුදා ඉඳලා අද වනතෙක් මා වටා මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඒ ටික මට හොඳටම ඇති.

මේ සිදුවීම් හරහා වොල්ගාගේ ජනප්‍රියත්වය ඉහළගිය බවක් දකින්නට ලැබෙනවා?
මෙහෙමයි. ලංකාවෙ සාමාන්‍යයෙන් ඔපාදූපයක් ගියොත් මිනිස්සු ඒ ගැන කතා කරන්න ගන්නවනේ. හැබැයි මට දැනුණ දෙයක් තමයි මා වටා සිටින රසික පිරිස මේ සම්බන්ධව කිසි දෙයක් මාත් එක්ක කතා කළේ නැහැ. ඒ වගේම තමයි කවුරුත් මාත් එක්ක අමනාප වුණේවත්, මට ආදරය කරන එක නැවැත්තුවෙත් නැහැ. මම හිතනවා මම මේ කාරණයට ප්‍රතිචාර දක්වපු විදිහ අනුව ඒ දේවල් සිදුවුණාද කියලා. මම දන්නේ නැහැ මගේ ජනප්‍රියත්වය මේ කාරණය නිසා ඉහළ ගියාද පහළ ගියදා කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනි, මම මේ ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා අද වනතෙක් මට ලැබුණ ජනප්‍රියත්වය එක දශමයකින් හෝ අඩුවෙලා නැහැ කියලා මට හිතෙනවා. ලංකාවෙ වර්ගීකරණය වී සිටින ජනප්‍රිය නිළියන් මුල් දසදෙනා අතර හැමදාම මම ඉන්නවා. මම හිතනවා ඒක මගේ වාසනාවක් කියලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!