Gossip

2020 ජනාධිපති අපේක්ෂක වෙන කවුරුත් නෙවෙයි, මමයි – රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරියත් මමයි

ලංකාවේ ණය එක දවසකින් ගෙවලා 2020 ජනාධිපති අපේක්ෂකත්වය ගන්න බලාගෙන ඉන්න රොහාන් පල්ලෙවත්ත ගැන ආන්දෝලනාත්මක කතාවක් අපි ඊයේ ඔබට කිව්වා.
එහි උණුසුම නැතිවෙන්නත් කළින්ම ආයෙමත් ජනාධිපති අපේක්ෂක කතාවක් කරළියට ආවා.
මේක රැල්ලක් වෙලාද..? එහෙමත් නැත්නම් විහිළුවක් වෙලාක කියලත් අපිට හිතෙනවා.
රංගන ශිල්පී ලක්මවට හඬක් සංවිධානයේ සභාපති මධූෂා රාමසිංහ සිය මුහුණුපොතේ සටහනක් තබා කියා තිබුණේ තමන්ට 2020 ජනාධිපති අපේක්ෂකයා වෙන්න යෝගයක් තියෙනවා කියලයි.
එම සටහන පහතින්..
“මම තුන්ලෝකෙටම බලවත් පුද්ගලයන් සියල්ලන්ම හොදින්ම හදුනවා.. රාජපක්ෂවරුන් වගේම ජයවර්ධන ලගෙ පැත්තෙන් වික්‍රමසිංහලගෙත් නෑ කම් තියෙනව.. සිරිසේන මහත්තයාටත් ලගම හිතවත්.. දිසානායක මගෙ සංසාරගත ආදරේ .. සිරිසේන මහත්තයාගෙ වික්‍රමසිංහ මහත්තයගෙ සීනු සහෝදරවරුන්ගෙ ඒ විතරක්ද මහින්ද මහත්තයගෙ කණ්ඩායම් මට මාර ආදරෙයි.. නිදි වරාගෙන උදේ හවස මම ගැනමයි ලියන්නෙ..

2020 ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නෙවෙයි මම.. ලංකාවෙම ණය එක රැයින් ගෙවනවා නෙවෙයි.. මුලු ලංකාවෙම ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ව දුකින් මුදවන බවට පොරොන්දු වෙනවා.. මට තුන්ලෝකාග්‍ර බලවතුන් සියල්ලන්ගෙම ආශිර්වාදය තියෙනවා.. රාජාධිරාජ රාජ ගම්භීර රැජින යෝගය සතු එකම කේන්ද්‍රයේ හිමිකාරි මමයි..මම ලංකාවෙ රැජින වෙනවා කියලාකේන්දර බලපු අය කිව්වා.. එහෙනම් හරිනෙ.. මට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!