Gossip

ඇමරිකානුවන්ට වසර 99කට පසුව දිස්වූ විරල සූර්යග්‍රහණය – වීඩියෝ

වසර 99කට පසු සිදුවූ විරල සූර්යග්‍රහණයක් ඊයේ (21) සිදුවුණා. මෙය ශ්‍රී ලංකාවට දිස් නොවුණද උතුරු ඇමෙරිකානු කලාපයේ රටවලට හොදින් දැකගන්න හැකි වූ බවයි වාර්තා වන්නේ. 1918 ජූනි 8 වනදාට පසුව ඇමරිකාවට දිස්වූ එකම පූර්ණ සූර්යග්‍රහණය මෙය බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙන්නේ..

මේ සූර්ය ග්‍රහණය සමස්ථ එක්සත් ජනපදය පුරා පැතිරෙන කිලෝමීටර් 115කට පළලට දෘෂ්‍යමාන වන අතර සූර්යග්‍රහණය ආරම්භවූයේ පැසිෆික් සාගරයට සඳුගේ උප ඡායාව පතිතවීමත් සමඟිනුයි.

ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් ඊයේ (21) රාත්‍රි 9.17ට මෙය සිදුවූ අතර පූර්ණ සූර්ය ග්‍රහණය රාත්‍රී 10.19 ආරම්භ වී තිබෙනවා.

මේ එම සූර්යග්‍රහණයේ වීඩියෝවයි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!