Gossip

ඉස්සර මාලිංගගේ යෝකර්වලට අවුට් වුණු ධවාන් ඔහු දැන් වයසට ගිහින් යැයි කියන හැටි

ශ්‍රී ලංකා පිලේ වේග පන්දුයවන්නන් අතරින් වැඩිවශයෙන්ම විශ්වාසය තැබිය හැකි පන්දු යවන්නා වූ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ වේගය අඩුව ඇති බව පසුගිය කාලය පුරාම බොහෝ දෙනෙකු අධ්‍යනය කර තිබුණා. මේ පිළිබඳව ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන්ද අදහස් දක්වා තිබෙන අතර ඔහු පවසන්නේ මාලිංග තරමක් වයස්ගතවීම මෙයට හේතු වන්නට ඇති බවයි.

“මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ඔහු තරග රටා තුනේදීම ශ්‍රී ලංකාවට විශාල සේවයක් කර තිබෙනවා. නමුත් දැන් ඔහු තරමක් වියපත් වෙලා. ඒ නිසා ඔහුගේ පන්දුවල වේගය අඩු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට පිතිකරුවන් ලෙස ඔහුට පහර දෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒක ජීවන චක්‍රය. ශ්‍රී ලංකාව තරුණ කණ්ඩායමක්. ඔවුන් ඉන්නේ සංක්‍රාන්ති කාලයක. තරුණ කොල්ලන් දක්ෂයි නමුත් ඔවුන්ට කාලය ඕන”. යැයි ධවාන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!