මොණරෙකු මරා තුවක්කුවක් සමග පෙනී සිටින ජායාරූපයේ සඳහන් පුද්ගලයාගේ බිරිඳ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නපුව පොලීසියට ප්රකාශයක් කර තිබේ.
ප්රියන්දන ප්රනාන්දු නැමති එම ජායාරූපයේ සිටින පුද්ගලයා දැනට ඉතාලියේ සේවය කරයි. ඉකුත් ජුනි මාසයේ ඔහු ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේ වෑන් රියකින් උත්සවයකට ගමන් කරන විට පාර හරහා ගමන්ගත් මොණරෙකු වෑන් රියේ වැදී මරණයට පත්වූ බව ඔහුගේ බිරිඳ පොලීසියට පවසා තිබේ.
මැරුණු සතා එහි දමා යාමට නොහැකි නිසා තමන් සමගරැගෙන ගිය බවත්, නවාතැන් ගැනීමට ඉදිකළ කූඩාරම තුළදී ගත් ජායාරූපයක් කවුරුන් හෝ අන්තර්ජාලයට දමා ඇති බවත් ඇය කියයි.
තම සැමියා රැකියාවෙන් නිවාඩු ගෙන පැමිණ පරීක්ෂණවලට සහාය දීමට කැමැත්තෙන් සිටින බවද ඇය පොලීසියට පවසා තිබේ.