දිගු නිහැඬියාවකට පසු කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ජර්මන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන දුං කෝචිචියක් අද(02) දහවල් හැටන් දුමිරිය ස්ථානයට පැමිණියා.
කොළඹ කොටුවෙන් ඊයේ ගමන් ආරමිභ කළ මෙම වාෂ්ප දුමිරිය ඊයේ (01) මහනුවර දුමිරිය ස්ථානයේ නතර කර අද (02) අලුයම නානුඔය දුමිරිව ස්ථානය දක්වා ගමන් ආරමිභ කළා.
නානුඔයේ සිට හෙට (03) බදුල්ල දක්වා ධාවනය විමට නියමිත මෙම වාෂ්ප දුමිරියේ ජර්මන් ජාතිකයන් විශාල පිරිසක් සංචාරයක නිරත වි සිටිනවා.
හැටන් දුමිරිය ස්ථානයට මෙම වාෂ්ප දුමිරිය පැමිණී අවස්ථාවේ එය දැක බලා ගැනිමට විශාල පිරිසක් හැටන් දුමිරිය ස්ථානයට පැමිණ සිටියා.
