Gossip

ලංකාවේ දළ ඇතෙකු මැරුනු පසු මිනී සොයා වලවල් හාරද්දි සුදු රයිනෝ රැකගන්න දිවා රෑ නැතිව ආරක්ෂාව සපයන කෙන්යාව – Photos

දළ පූට්ටුවාගේ ඝාතනයත් සමඟ අන්තර්ජාලය පුරාම විවිධ දේවල් හුවමාරු වෙනවා.

මේ මෙලෙස අසන්නට ලැබුණු පළමු සිදුවීමද නොවේ.. අවසාන සිදුවීමද නොවනු ඇත.

මේ සියල්ලටම අප රටේ බලධාරීන් වගකිවයුතු නොවන්නේද..? රටේ සම්පත රැකගැනීමට බැරි ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරන පිරිසක් සිටිනතාක්කල් රටටත් මිනිසුන්ටත් අබසරණයි යනුවෙන් පමණක් කීම සාධාරණ වේ.

අපේ රටේ එහෙම වුණත් අනෙක් රටවල්වල පවතින්නේ මෙවන් ක්‍රියාදාමයක්.

සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය.

සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය.

සුඩාන් ලෝකයේ අවසාන පිරිමි සුදු රයිනෝසිරස්ය.

සුඩාන් තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව.

මෙම පිරිමි රයිනෝසිරස් යම් හෙයකින් මියගියහොත්හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නැතිවී යනු ඇත.

අවුරුදු 43 ක් වන සුඩාන්ව දඩයක්කරුවන්ගෙන් ආරක්ෂාකර රැකබලාගන්නේ කුමන හෝ මොහොතක පැටියෙකු ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

මොවුන්ගේ ඇති අං ළබාගැනීම සඳහා දඩයම් කිරීම නිසා උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව  වී තිබේ.

නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීමද විශේෂත්වයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!