Gossip

පෙර නිමිති පෙන්වූ ව්‍යසනයද මේ? රටම අවදි කරවයි, අනතුරු අඟවන නිවේදනය මෙන්න

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුළං(පැ.කි.මී. 60 පමණ) තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසලා තියෙනවා.

දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණුදිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එ් නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා.

මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට (මි.මි. 150 වැඩි) ඉතා තද වැසි ඇති විය හැකි බවටද සඳහන්.

ඒවගේම මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නායයාම් අනතුරු ඇඟවීම් ඉදිරි පැය 12 සඳහාත් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව වතින වැසි තත්වය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීමේ කාලසීමාව අද දහවල් දීර්ඝ කර තිබෙනවා.

ඒවගේම පවතින වැසි සහිත තත්වයත් සමග දිවයිනේ කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද එම මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!