Gossip

යන යන තැන නිමල් සිරිපාලට නින්ද යන හේතුව හෙළිවෙයි

2017 අයවැය වාර්තාව පසුගිය දා රවී කරුණානායක අමාත්‍යවරයා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලබුවා. මේ සඳහා පැය කිහිපයක කාලයක් ගතවුනා.

අයවැය කියවන අතරේ පාර්ලිමේන්තුවේ නිදාගත්ත මැති ඇමතිවරු කිහිප දෙනෙකුගේ ඡායාරුප අන්තර්ජාලය පුරා පැතිරුනා.ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා. මොකද එදා විතරක් නෙවෙයි මීට පෙරත් ඔහු මේ විදියට යන යන තැන නිදාගත්තා. ඒ නිසාම ඔහුට අපි ගොඩදෙනෙක් විහිළු කළා. ෆේස්බුක් පිටුපුරා ඔහුට විහිළු තහළු කලා.

ඒත් ඔහුගේ නිදාගැනීම පිටුපස තියෙන්නේ වෙනත් සංවේදී කතාවක්.

මේ කතාව කියන්න 1996ට යන්න වෙනවා.1996දී තමයි කොටි යාපනයෙන් එලවපු රිවිරැස මෙහෙයුම තිබ්බේ.මේ මෙහෙයුමෙන් අපේ හමුදාව ජයගත්තට පස්සේ එවකට රජයට විශාල වගකීමක් පැවැරෙමින් තිබුණා.ඒ, මුදාගත් ප‍්‍රදේශවල ආරක්ෂාව සැපැයීම මෙන් ම අත්පත් කරගත් ප‍්‍රදේශවල ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්න.

මෙහෙම යාපනයේ සිවිල් පරිපාලනය ඇති කරන්න කලින් යාපනය ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු කිරීමට අමාත්‍යවරුන්ට පැවරුණා.

විශේෂයෙන් ම යාපනය පුනරුත්ථාපනය කටයුතු සම්බන්ධයෙන් කාර්යසාධක බලකායක් ද පත් කෙරුණා.

මේ බලකායේ සභාපතිවරයා වූණේ එවකට නිවාස ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා.

නැවත ගොඩනැගෙන යාපනයේ තත්ත්වය සොයාබැලීම, අවශ්‍ය පහසුකම් සැපැයීම අමාත්‍යවරයාගේ ප‍්‍රධාන කාර්යයන් වී තිබුණා.මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට යාපනය නගරයට දහ දොළොස් වතාවක් යන්නට සිදුවුණා.

ටිකෙන් ටික යාපනයේ ජන ජීවිතය නැංවෙමින් තිබුණා,යාථා තත්වයට පත්වෙමින් තිබුණා සංවර්ධන කටයුතු ආරම්භ වෙමින් තිබුණා.

අහිමි වුණත් තමන්ගේ හදවත බඳුවූ යාපනය නැවතත් මෙහෙම යාථා තත්වයට පත්වන හැටි කොටින්ට බලා ඉන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.

ඒ නිසාම මේ හැමදේටම නායකත්වය ගනිපු නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍ර‍හාරයක් එල්ල කිරීමට කොටි තීරණය කළා.

කොහොම කොහොම හරි කොටි සැළසුම් කළ ප්‍ර‍ාරය එල්ලවුනේ 1996 ජූලි මාසේ 4 වැනිදා.නිමල් සිරිපාලද සිල්වා ප්‍ර‍මුඛ පිරිසට එල්ල කළ මේ මරාගෙන මැරෙන ප්‍ර‍හාරයෙන් එවකට හමුදාවේ සිටි කීර්තිමත් නිළධරයෙකු වූ බි‍්‍රගේඩියර් ආනන්ද හමංගොඩ ඇතුළු 26 දෙනෙකු මියගියා.

කොහොම වුණත් වාසනාවකට මෙන් නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ ජීවිතයට මින් හානියක් නොවුණත් එතුමාගේ හිසට බරපතළ තුවාල සිදුවුණා.

ඇමතිතුමාට දැන් මෙහෙම නින්ද යන්නේ ඒ ප්‍ර‍හාරයෙන් ඇතිවූ රෝගි තත්වයක් නිසා කියලයි කියන්නේ.මේ ප්‍ර‍හාරයේදී විසිවුණු බෝම්බ කෑලි අදටත් එතුමාගේ හිසේ තියනවාලු.මේ නිසා එකම ඉරියව්වකින් ඉද්දි අපේ ඇමතිතුමාට නින්ද යනවා.

මේ තත්වය පිළිබඳ අප කළ විමසීමකදී වෛද්‍යවරුන් පැවසුවේ එහෙම දෙයක් වෙන්න පුලුවනි කියලයි.

ඒ විතරක් නෙමෙයි ඔහුගේ ඇඟ ඇතුළේ තියන මේ බෝම්බ කෑලි නිසා MRI ස්කෑන් එකක්වත් කරගන්න අමාරුයි වගේම ගුවන් තොටුපොලවල් වල ස්කෑනර් පවා මගඇරලා යන්න ඇමතිතුමාට සිද්ධ වෙනවා කියලයි කියන්නේ

nimal

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!