වේදිකාව මත රගන සිහින් ගිනි සිළුවක් තරම් දගකාර හැඩකාර නිලන්ති ඩයස්‌ගේ පෙම් පුරාවත .
බෙහෙවින් ලෙංගතු සිතැත්තියක වන ඇයගේ සිත මෙන්ම පෙමත් බෙහෙවින්ම සොදුරුයි.
මේ ඇයගේ ප්‍රේම කතාවයි.
නිලන්තිගේ ජීවිතයට ආදරය මුණ ගැහෙන්නෙ කොහොමද?
එයා කුරුණෑගල.ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ නිසා කලාවේ ඉන්න අයව වැඩියෙන් දැනගෙන හිටියේ නැහැ. ඒ වෙද්දි එයා ජපානයේ ඉඳල නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටියේ. අම්මයි මමයි සංදර්ශනයකට නුවර යන ගමන් කුරුණෑගල නැවතුණා. එතැනදි අපි දන්න එයාගේ යාළුවෙක් හිටියා එතැන. ඒ හැදුනුම්කමට අපේ අම්මත් එක්‌කයි එයා කතා කළේ. මම එදා එයත් එක්‌ක කතා කළේවත් නැහැ. මට විශේෂ හැගීමක් ඇතිවුණේ නැහැ. ඊටත් පස්‌සේ එයාල කොළඹ ආපු දවසක ආයෙමත් අර යාළුවත් එක්‌ක අපේ ගෙදර ආවා. ඊට පස්‌සෙ එයා නැවතත් ජපානයට ගියා.
ආදර අඩිතාලමක් එක්‌කද ඔහු නැවත ජපන් රටට යන්නේ ?
එයා එහෙ ගිහිනුත් දිගටම මට දුරකථනයෙන් කතා කළා. අපි අතර ඇතිවුණේ හිතවත් කමක්. ඇත්තටම අපි දෙන්නගෙන් එක්‌කෙනෙක්‌වත් ආදර යෝජනාවක් ගෙනාවේ නැහැ. ඒත් කාලයත් එක්‌ක ඉබේම අපේ හිත්වල ආදරය ඇතිවෙලා අපි ආදරයෙන් ළංවෙලා තිබුණා.
මේ ආදරය එක වහලක් යට නැවතෙන දවස උදාවෙන්නේ කොහොමද ?
එයා ජපානයට ගිහින් මාස හයකින් ආපහු ආවේ අපි හදුනාගෙන මාස හයක් ගත වෙද්දි ඒ කියන්නේ 2010 අවුරුද්දේ අපි විවාහ වුණා.
මේ ආදර කතාවට වැඩිහිටි ආශිර්වාදය ලැබුණද ?
ඔව්. එහෙම බාධාවක් කියල අපිට ආවේ නැහැ. අපි දෙන්නගේම අම්මලා තාත්තලා අපේ සම්බන්ධයට කැමැති වුණා.
නිලන්තිගේ පළමු ආදර තිළිණය මොකක්‌ද ?
මම එයාට දුන්නේ ලේන්සුවක්. ඒක අපේ කතෝලික ආගමේ හැටියට ආශිර්වාද කරපු ලේන්සුවක්. එයා නම් ජපානයේ ඉදන් මට ගොඩක් තෑගි එවලා තියෙනවා.
විවාහයත් එක්‌ක නිලන්තිගේ ජීවිත කතාවේ ලොකු වෙනසක් වෙනවා නේද ?
එයාගෙන් මගේ කලා කටයුතුවලට බාධාවක් ආවේ නැහැ. ඒත් විවාහ වෙලා ටික කාලෙකින් මට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ දෙයත් එක්‌ක රගපාන වැඩවලට යන එක නතර වුණා. දරුවා ලැබුණට පස්‌සේ මට දරුවා වගේම දරුවට මාවත් ඕනෑ කියල දැනුණ නිසා මම කිසිදෙයකට නොයා දරුවත් එක්‌කම හිටියා. අනිත් කාරණය එයා ව්‍යාපාරිකයෙක් විදිහට කාර්යබහුල නිසා බිරිදක් විදිහට ගෙදර හැම දෙයක්‌ම හොයා බලල කරන්නේ මම. මේ හැම දෙයක්‌ම එක්‌ක මම රගපෑමෙන් ටිකක් ඈත්වුණා. ඒත් දැන් බබාට අවුරුදු හතරක්. මම හිතනවා මට දැන් රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. විවාහයෙන් පසුව රගපෑම් කටයුතු සීමා වුණත් නර්තන ප්‍රසංගවලට හා රූපවාහිනී වැඩසටහන්වලට නම් මම දිගටම සම්බන්ධ වුණා.
ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලටත් මේ වෙද්දි නිලන්ති නැඹුරු වෙලාද ?
නැහැ මට ව්‍යාපාරික දේවල් ගැන අවබෝධයක් නැහැ. නමුත් එයාගේ හැම දෙයක්‌ම හොයල බලල කරල දෙනවා. එයාටත් කාර්ය බහුල නිසා මගේ ප්‍රසංග එහෙම නරඹන්න ලොකු වෙලාවක් නැහැ. ඒත් ලැබෙන අවස්‌ථාවල ඒවා බලල ගුණදොස් කියනවා. එයාට පුළුවන් වෙලාවට මට එයාගේ උදව් ලබාදෙනවා.
දෙන්න දෙමහල්ලන්ගෙන් වැඩිපුර තරහ යන්නේ කාටද ?
එයාට තමයි. මට කොහොමටත් තරහ යන්නේ නැහැ. එයා පිරිමියෙක්‌නේ. ඉතින් මම නිහඩ වෙලා ඉන්නවා. දෙන්නම කෑ ගහගන්න ගියොත් එතැන ආදරය නැතිව යනවා. හිත් රිදුම් විතරයි ඉතිරි වෙන්නේ. මම කොහොමටත් කාගෙවත් හිත රිදවන කෙනෙක් නෙවෙයි.
දෙන්නට දෙන්න ගරු කරන දෙදෙනකුගේ ගතිගුණ මොනවාද ?
එයා හරිම සරල කෙනෙක්. මම මුලින්ම කැමති වුණේ ඒකට. මමත් එයා වගේ සරලයි. ඒ වගේම මම දරුව ගැන හොයනවා. එයාගෙ වැඩ කටයුතු බිරිදක් විදිහට ඉටුකරලා දෙනවා. ඒ නිසා මට කවදාවත් එයාගෙන් චෝදනා නැහැ.
නිලන්ති අඳින පළඳින කරන කියන දේවල් පිළිබඳ ඔහුගෙන් සීමාවන් තියෙනවද?
එයා මට නීති රීති දාලා නැහැ.ඒත් මම දෙයක් කරන්න ඉස්‌සරවෙලා එයාට කියනවා. මොකද මම කැමැති නැහැ මම කරන දෙයක් නිසා එයාගෙ හිත රිදෙනවාට. ඒක එයත් දන්නවා. මම කාගෙවත් හිත රිදවන කෙනෙක් නෙවෙයි කියලා.
ව්‍යාපාර හා කලාව එකතැනක තැබුවම නොගැළපීම් ගොඩක් ඉස්‌මතු වෙනව ඇතිනේද ?
නොගැලපීම් හැම පවුලකම තියෙනවා. එහෙම නැති පවුල් කොතැනකවත් නැහැ. ඒ දේවල් තේරුම් අරගෙන ගැලපිලා ජීවිතය ඉදිරියට ගෙනයන්න තමයි උත්සාහ කරන්නේ.
නිලන්ති දැන් කලාවට වඩා පවුල් දිවියට පෙම් කරනවා නේද
මම මගේ පවුලට ආදරෙයි. ඒ වගේම මම ආසයි කලාකාරියක් විදිහටත් ඉන්න. මට ඒකට විවාහය බාධාවක් නෙමෙයි
