Gossip

ප්‍රවීණ අයයි තරුණ කට්ටියයි එකතුවෙලා අද වෙද්දී පුදුම දෙයක් කරලා තියෙනවා – දේව් සුරේන්ද්‍ර

මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස කතාබහට ලක්වෙන දෙවෙනි ඉනිමේ කවුරුත් ආදරය කරන චරිතයක් තමයි දේව් සුරේන්ද්‍ර කියන්නේ. නැත්නම් දෙවෙනි ඉනිමේ ධනුක කිව්වොත් හැමෝම දන්නවා. ඉතින් ඔහුගේ විස්තර ගැන සතිඅන්ත පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

මේ දවස්වල කාර්යබහුලද?
මේ දවස්වල දෙවෙනි ඉනිම නාට්‍යයේ රූගත කිරීම් යනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් කළා.

සමාජ වෙබ් අඩවිවල දැන් ඔබව නිතර දකින්න ලැබෙනවා?
ඔව්…ඒ කලින් කරපු මියුසික් වීඩියෝවක් නිසා. ඒකේ පෝස්ට් එකක් නිසා තමයි මේහෙම දකින්න ලැබෙන්නේ.

දෙවෙනි ඉනිම නිසා ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බෙනවා. එයට හේතුව විශාල පිරිසක් එය නැරඹීමයි. විශාල ප්‍රේක්ෂක පිරිසක් එය ආදරයෙන් වැළඳගෙන ඉන්නවා. ඒ වගේම එහි කතාව ලස්සනයි. බොහෝ පිරිසක් අතර එම නාට්‍යය ජනප්‍රියවීමට හේතුව එයයි.

ඔබෙන් දෙවෙනි ඉනිමේ ධනුකට සාධාරණයක් වෙනවාද?
ඔව් මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් කරනවා කියලා. ඒක ප්‍රේක්ෂකයන් තමයි දන්නේ. මම මොකක් හරි චරිතයක් කරද්දී ඒ සඳහා උපරිම කැපකිරීමක් මම කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන එහි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනව සාරංග මෙන්ඩිස්ව. මොකද ඔහු මෙහිදී හැමෝටම අවස්ථාව ලබාදෙනවා. ඒ අයගේ චරිතය තේරුම් අරං කරන්න එයා හැමෝටම මග පෙන්වනවා. ඒක හින්දා තමයි මේ නාට්‍යයත් ලස්සන වෙලා තියෙන්නේ. ඒ වගේම එහි පිටපත් රචක සමන් එදිරිමුණි අයියා. මේ හැමෝගෙම එකමුතුව නිසායි මේ චරිතය වුණත් හරියට කරන්න හම්බ වෙන්නේ. තව දෙරණ ආයතනයේ ලක්සිරි සර්ව මතක් කරන්න ඕනේ මේ වැඩේ වෙනුවෙන්.

දෙවෙනි ඉනිමට රංගනයෙන් දායක වන බොහෝ පිරිසක් තරුණ රංගන ශිල්පීන්, ඒ අය අතරේ කැපිලි කෙටිලි නැද්ද?
කැපිලි කෙටිලි කිසිම එකක් නැහැ. හැමෝම එක පවුලක් වගෙයි වැඩ කරන්නේ. නළු නිළියෝ විතරක් නෙවෙයි එතන හැමෝම පවුලක් වගෙයි. තේ හදන කෙනා දක්වා හැමෝම සමගියෙන් වැඩ කරනවා. හැමෝම කතාබහ කරලා වැඩේ කරගෙන යනවා. මෙතන ප්‍රවීණ රංගන ශිල්පීනුත් ඉන්නවා. ඒ අයගෙන් අපට ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බැහැ. ප්‍රවීණ අයයි තරුණ කට්ටියයි එකතුවෙලා අද වෙද්දී පුදුම දෙයක් කරලා තියෙනවා.

පෙර නිර්මාණ ගැන මතක් කළොත්?
මම මීට කළින් නාට්‍ය 025කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ක්ෂේත්‍රයට ආවේ?
2013 අන්තිමට වගේ.

ඒ නිර්මාණය මොකද්ද?
මගේ පළවෙනි නාට්‍ය දම්සාරි නාට්‍යයයි. ඒකේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිමල් රත්නායක මහතායි. ඊට අමතරව නිවේදන කටයුතුත් කලා. දැන්න්ම් ටිකක් ඒකෙන් ඈත්වෙලයි ඉන්නේ.

“නළු උණ” කොයි කාලෙද ආවේ?
නළු උණ කාලෙක ඉඳන් තිබ්බ දෙයක්. චිත්‍රපට බලනවා. ඒවගේ දේවල් තිබුණා. නළුවෙක් වෙන්න ඕනේ කියන ආසාව එදා ඉඳන් තිබ්බා.

නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා නිරූපණ ශිල්පියෙක් නේද?
ඔව් මම මුළින්ම රොසෑන් ඩයස්ගේ ක්ලාස් ගියා. එහෙම රෑප්ම් එකේ මොඩල් කළා. ඊට පපස්සේ වෙළඳ දැන්වීම් කිහිපයකට දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ තමයි නාට්‍ය සඳහා අවස්ථාව ලැබෙන්නේ. මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ක්ලාස් එකේ වර්ක් ෂොප්වල අවුරුදු එකහමාරක් විතර හිටියා. රංගන කටයුතු කරද්දී ඒ දේවල්වලට එකතුවෙලා හිටියා. ඊට පස්සේ තමයි හිමීට ඉගෙන ගෙන ටිකෙන් ටික ඉදිරියට ආවේ.

දැන් නිරූපණය අතඇරලාද?
රෑම්ප් මොඩලින් කරන්නේ නැහැ. ෆොටෝ ෂූට් ආවොත් භාරගන්නවා. වෙළෙඳ දැන්වීම් කරනවා.

නළුවෙක් වෙන්න උත්සාහ කරද්දී ගෙදරින් අම්මා තාත්තා බාධා කළේ නැද්ද?
අම්මා තාත්තා එහෙම මගේ ජීවිතේට බලපෑමක් කළේ නැහැ. මම හිතනවා මම මේ කරන වැඩේ එක්ක ඒ අය සතුටු වෙනවා කියලා. ඒ අය මට පොඩි කාලේ ඉඳන් කියලා තිබුණේ නැහැ මට මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා. ඒ අය මගේ වැඩවලට ගොඩක් සහයෝගය දෙනවා.

ඉදිරි වැඩ ගැන කිව්වොත්?

මම මේ දවස්වල ඉන්නේ දෙවෙනි ඉනිම නාට්‍යයත් එක්කයි. තව නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණත් වෙලාවක් තිබුණේ නැහැ ඒකට යන්න. ඉදිරියේදී තව තව වැඩකටයුතුවලදී මාව දකියි. ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයකත් ඉඳියි. ඒ වගේම මට ගැලපෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!