ලංකාවේ පවත්වන මෙන්ම මේ වන විට පැවැත්වෙන රියැලිටි වැඩසටහන් ප්‍රේක්ෂක ජනතාව ඉතා ඉක්මනින්ම ඇඳබැඳ ගන්නවානේ. ලංකාවේ වගේම ලෝකයෙත් මේ රියැලටි වැඩසටහන් වලට පවතින්නෙත් මහත් විශාල වූ ඉල්ලුමක්.
ඒ කොහොම වුණත් ඔන්න දැන් ලංකාවේ රියැලටි වැඩසටහන්වල ඉදිරියෙන්ම එහෙම නැතිනම් ප්‍රේක්ෂක ජනතාවට උන්මාදය ලබාදෙන නාලිකාවෙන් අලුත් රියැලටි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ කවදත් අති දැවන්ත ප්‍රාසාංගික වැටසටහන් ඉදිරිපත් කළ ටී.වී. දෙරණ නාලිකාවෙන් තමයි මේ වැඩේ කරන්නේ.
ඒ අන්තර්ජාතික රියැලටි කරළියට හඳුන්වාදෙන නව්‍යවාදී රියැලිටි ආකෘතිය ස්ටාර් සිටි (Star City) යනුවෙන් තමයි මේ වැඩසටහන නම් කරලා තියෙන්නේ.
මේක ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මීළඟට හඳුන්වාදෙන වින්දනීය
ප්‍රාසාංගික වැඩසටහන වගේම මෙවැනි වැඩසටහනක් ලොවටම හඳුන්වා දෙන පළමු වතාව කිව්වොත් නිවැරදියි. ලංකාවේ ඉන්න අති දක්ෂ, අති ජනප්‍රිය, ඒ වගේම අතිශය සුරූපී කලාකරුවන් එහෙම නැතිනම් නළු නිලියෝ, ගායක ගායිකාවන්, නර්තන ශිල්පීනියන් එකතු කරගෙන තමයි මේ වැඩසටහන කරන්නේ.
මේක ඇවිල්ලා නර්තනමය වැඩසටහනක් ලංකාවේ ඉන්න ජනප්‍රිය කලාකරුවන් 25 දෙනෙකු මේ වැඩේ සමඟ එකතු වෙනවා. වැඩසටහනට අනුව මේ කලාකරුවන් කණ්ඩායම හතරකට බෙදිලා තමයි මේ වැඩේ කරන්නේ.
Fantastic 05 – Supper Gangsters – Black Thunders – Amazing Fighters – Hot Angels යනුවෙන් තමයි මේ කණ්ඩායම් පහ නම් කරලා තියෙන්නේ.
ඔන්න බලන්නකෝ මේ කණ්ඩායම් වල ඉන්න සාමාජිකයෝ කවුද කියලා.
Fantastic 05
වසන්ත දුග්ගන්නාරාල
ගයන්ත විජේරත්න
ගයේෂා පෙරේරා
නිල්මිණි කෝට්ටේගොඩ
කාවිංග පෙරේරා
Supper Gangsters
දුලිකා මාරපන
අනුෂා දමයන්ති
දිනක්ෂි ප්‍රියසාද්
තීක්ෂණ අනුරාධ
චරිත් අබේසිංහ
Black Thunders
මධුමාධව අරවින්ද
දුෂ්යන්ත් වීරමන්
එම්.ජී. ධනුෂ්ක
සුසිලා කොට්ටේගොඩ
මේනකා පීරිස්
Amazing Fighters
රොෂාන් රණවණ
නිලන්ති ඩයස්
රජිත හිරාන්
සැන්ඩෝ හැරිස්
උපේකා නිර්මාණි
Hot Angels
නිරෝෂා විරාජිනි
ධනංජී තාරුකා
ශ්රීරෝමිකා ප්‍රනාන්දු
ගයත්‍රි ඩයස්
නයනා කුමාරි
ඔන්න බලන්නෝ කොහොමද කණ්ඩායම වලට කලාකරුවෝ බෙදිලා ඉන්නේ කියලා. කොහොම වුණත් මේ ඉන්න පිරිස දැක්කම Star City වැඩසටහන ලංකාවේ රියැලටි වැඩසටහන් අතරින් අති ජනප්‍රියම වැඩසටහන වෙනවා නොඅනුමානයි.
එළමෙන 30 වන සෙනසුරාදා ඉඳලා සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 සිට මේ වැඩසටහන ටී.වී දෙරණින් බලන්නත් පුළුවන්.