හොලිවුඩ්

රියැලිටි ලොව හොල්ලන පුංචි තිරයේ අලුත්ම පෙරළිය – 30 වැනිදා ඔබේ ආලින්දයට

ලංකාවේ පවත්වන මෙන්ම මේ වන විට පැවැත්වෙන රියැලිටි වැඩසටහන් ප්‍රේක්ෂක ජනතාව ඉතා ඉක්මනින්ම ඇඳබැඳ ගන්නවානේ. ලංකාවේ වගේම  ලෝකයෙත් මේ රියැලටි වැඩසටහන් වලට  පවතින්නෙත්   මහත් විශාල වූ ඉල්ලුමක්.

ඒ කොහොම වුණත් ඔන්න දැන් ලංකාවේ  රියැලටි වැඩසටහන්වල   ඉදිරියෙන්ම එහෙම නැතිනම් ප්‍රේක්ෂක ජනතාවට උන්මාදය  ලබාදෙන නාලිකාවෙන්  අලුත් රියැලටි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ  කවදත් අති දැවන්ත ප්‍රාසාංගික වැටසටහන් ඉදිරිපත් කළ ටී.වී. දෙරණ නාලිකාවෙන් තමයි මේ වැඩේ කරන්නේ.

ඒ අන්තර්ජාතික රියැලටි කරළියට හඳුන්වාදෙන නව්‍යවාදී රියැලිටි  ආකෘතිය  ස්ටාර් සිටි (Star City) යනුවෙන් තමයි මේ වැඩසටහන  නම් කරලා තියෙන්නේ.
මේක ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මීළඟට හඳුන්වාදෙන වින්දනීය

ප්‍රාසාංගික වැඩසටහන  වගේම මෙවැනි වැඩසටහනක් ලොවටම හඳුන්වා දෙන පළමු වතාව කිව්වොත් නිවැරදියි. ලංකාවේ ඉන්න අති දක්ෂ, අති ජනප්‍රිය, ඒ වගේම අතිශය සුරූපී  කලාකරුවන් එහෙම නැතිනම්  නළු නිලියෝ, ගායක ගායිකාවන්,  නර්තන ශිල්පීනියන් එකතු කරගෙන තමයි මේ වැඩසටහන කරන්නේ.

මේක ඇවිල්ලා නර්තනමය වැඩසටහනක් ලංකාවේ ඉන්න ජනප්‍රිය  කලාකරුවන් 25 දෙනෙකු මේ වැඩේ  සමඟ එකතු වෙනවා. වැඩසටහනට අනුව  මේ කලාකරුවන් කණ්ඩායම හතරකට  බෙදිලා  තමයි මේ වැඩේ කරන්නේ.

Fantastic 05 –  Supper Gangsters – Black Thunders  –  Amazing  Fighters – Hot Angels   යනුවෙන් තමයි මේ කණ්ඩායම් පහ නම්  කරලා තියෙන්නේ.

ඔන්න බලන්නකෝ මේ කණ්ඩායම් වල ඉන්න සාමාජිකයෝ කවුද  කියලා.

Fantastic 05
වසන්ත දුග්ගන්නාරාල
ගයන්ත විජේරත්න
ගයේෂා පෙරේරා
නිල්මිණි කෝට්ටේගොඩ
කාවිංග පෙරේරා

Supper Gangsters

දුලිකා මාරපන
අනුෂා දමයන්ති
දිනක්ෂි ප්‍රියසාද්
තීක්ෂණ අනුරාධ
චරිත් අබේසිංහ

Black Thunders
මධුමාධව අරවින්ද
දුෂ්‍යන්ත් වීරමන්
එම්.ජී. ධනුෂ්ක
සුසිලා කොට්ටේගොඩ
මේනකා පීරිස්

Amazing Fighters

රොෂාන් රණවණ
නිලන්ති ඩයස්
රජිත හිරාන්
සැන්ඩෝ හැරිස්
උපේකා නිර්මාණි

Hot Angels

නිරෝෂා විරාජිනි
ධනංජී  තාරුකා
ශ්‍රීරෝමිකා ප්‍රනාන්දු
ගයත්‍රි ඩයස්
නයනා කුමාරි

ඔන්න බලන්නෝ කොහොමද කණ්ඩායම වලට කලාකරුවෝ බෙදිලා  ඉන්නේ කියලා. කොහොම වුණත් මේ ඉන්න පිරිස දැක්කම   Star  City වැඩසටහන ලංකාවේ රියැලටි වැඩසටහන් අතරින් අති ජනප්‍රියම  වැඩසටහන වෙනවා  නොඅනුමානයි.

එළමෙන 30 වන සෙනසුරාදා ඉඳලා සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී  9.00 සිට මේ වැඩසටහන ටී.වී දෙරණින් බලන්නත් පුළුවන්.
6U8A1717 6U8A1888 6U8A1904 6U8A1969 6U8A2186 6U8A2213 6U8A2236 6U8A2438 6U8A2680 6U8A2829 6U8A2837 6U8A2856 6U8A2873 6U8A2904 6U8A2937 6U8A3006 6U8A3077 6U8A3085 6U8A3108 6U8A3129 6U8A3135 6U8A3284 6U8A3302

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!