විශ්වයෙන් මේ වන විට අමුතු අමතු දේවල් එළියට එනවානේ. ඒ වගේම එක එක පරීක්ෂණ මගින් නව සොයා ගැනීම් පවා සිදුකරනවා.
ඔන්න ඒ වගේ දෙයක් නවසීලන්ත මුහුදුදෙන් එළියට ඇවිල්ලා තියෙනවා්
ඒ මොකක්ද දන්නවාද? ඒ ගැන ඇහුවොත් ඔයාලා පුදුමවෙයි.
ඒක තමයි ඇවිදින මාළුවෙක් හමුවෙලා තියෙනවා.
මෙම ඇවිදින මාළුවා සිය පුදුම සහගත කකුල් වලින් මුහුදු පතුලේ ඇවිද යන ආකාරය අහඹුවකින් පුද්ගලයෙකු දැක තිබෙනවා.
නවසීලන්තයෙන් හමු වී ඇති මේ ඇවිදින මාළුවා පසුව ඔහු විසින් අල්ලාගෙන මත්ස්‍ය විශේෂඥයින් වෙත භාර දීමට කටයුතු කර තිබුණා.
මෙම පුදුම සහගත කළු මාළුවා දැනට හඳුනාගෙන ඇත්තේ ගැඹුරු මුහුදේ දී සොයාගෙන ඇති ඒන්ජල් ෆිෂ් ට සමාන හැඩහුරුවක් ඇති බවටයි.
මෙම ඇවිදින මාළුවා පරීක්ෂා කළ මත්ස්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මාළුවාගේ DNA පරීක්ෂාවක් තුළින් ලෝකය පුදුම කළ හැකි කරුණු අනාවරණය කර ගත හැකි වේ යැයි විශ්වාස කරන බවයි. මෙම ඇවිදින මාළුවාගේ පැහැයේ ඇති කළු ස්වභාවයද අසාමාත්‍ය තත්ත්වයක් බවත් ඔහු පවසා තිබෙනවා
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)