Cinema

නිල් චිත්‍රපටි වල රඟපෑම අසීලාචාර නෑ – සනී අක්කා වැඩසටහනක් උණූසුම් කරයි

sunny

Hot Seat කියන්නෙ ඉන්දියාවේ තියෙන රූපවාහිනි වැඩසටහනක්. ඒකට පහුගිය දවසක ඉන්දියාවේ ගිනි සිළුව සනී ලියෝන් සහභාගී වුණා.

එකේදී නිවේදකයා අහපු ප්‍රශ්නවලට සනි උත්තර දුන්නේ මෙහෙමයි..
Q- කරන්ජිත් සනී ලියොන් වූ හැටි කියන්න පුලුවන්ද?
A – තවමත් මගේ යාලුවෝ සහ පවුලේ අය මට කියන්නේ කරන්ජිත් කියලා තමා.

Q- ඔබේ ජීව්තයේ ඔබ පසු තැවෙන එක හේතුවක් කියන පුලුවන්ද?
A – මගේ රාජකාරී ජීවිතයේ කිසිම පසුතැවිමක් මේ වෙනකන් නෑ . මගේ වැරදීම් වලින් මං පාඩම් ඉගෙන ගන්නවා. මම මේ ක්‍ෂේත්‍රයට ආපු කාලේ බොලිවූඩ් මට සංස්කෘතික කම්පනයක් වගේ දැනුනා.

Q- ඔබත් එක්ක අමිර් ඛාන් එකට වැඩ කරයි කියල ඔබට හිතෙනවද?
A -අමිර් ඛාන් මාත් එක්ක එකට වැඩ කරන එකක් නෑ මගේ අතීතය නිසා. නමුත් මං කැමති ඔහුත් සමඟ එකට වැඩ කරන්න. මොකද මාත් ඔහුගේ හොදම රසිකාවියක්.

Q- ඔබේ අතීතය ඔබේ බොලිවුඩ් හි ඉදිරි පැවැත්මට බලපානවා නේද ?
A – මං කළ හැම දෙයක්ම තමා මාව මේ තත්වයට ගෙනත් තියෙන්නේ. ඒක නිසා මට කිසිම පසු තැවිමක් නම් නෑ.

Q- නිල් චිත්‍රපට නිලියක් වීමට ඔබට ඕනි වුනාද?
A – නෑ, කාටවත් නිල් චිත්‍රපට නිලියක් විමට වුවමනා නෑ. මගේ අනාගත බලාපොරොත්තුව වූනේ නෑ කවදාවත්ම නිල් චිත්‍රපට නිළියක් වීමට.

Q- එහෙනම් කොහොමද ඔබ නිල් චිත්‍රපට නිළියක් වුනේ?
A – එය ඉබේම වෙච්ච දෙයක්. මට එය අශිලාචාරී දෙයක් විදියට පෙනුනේ නෑ. මං එය හොද දෙයක් විදියට දැක්කේ, තමන්ට කැමති දෙයක් කිසිම ප්‍රශ්නයක් නැතිව නිදහසේ කරන්න පුලුවන්.

Q- ඔබ ඔබව රංගන ශිල්පිනියක් හැටියට දකිනවද?
A – ඔවූ, අනිවාර්යෙන්ම. ඔව්, මං හිතෙනවා.

Q- ඔබේ පෙනුමෙන් විතරක් නොවේද ඔබ මේ ක්ෂේත්‍රයේ රැදී සිටින්නේ?
A – නෑ. පෙනුම අනිවාර්යෙන්ම අවශ්‍යයි, තමන්ට තියෙන රඟ පෑමේ හැකියාවට අමතරව.

Q- දැනට ඉන්දියාවේ නිල් චිත්‍රපට නරඹන ප්‍රමාණයේ වැඩි විමක් පෙන්නුම් කරනවා, එයට ඔබේ සම්බන්ධයක් තියෙනවද?
A – මං හිතන්නේ නෑ මං ඒකට වග කියනන ඕනි කියල.

Q- සාමාන්‍යයෙන් ඔබ කැමැති මොන වගේ චිත්‍රපට වලට සම්බන්ධ වෙන්නද ?
A – මං කැමතියි හොඳ කතාවක් තියෙන චිත්‍රපට වලට සම්බන්ධ වෙන්න. තිර රචනයට මම බොහෝ විට අකාර්ෂණය වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!