තරුණියකගේ ගෙල බැඳි මාලයක් පැහැරගෙන ගොස් එය ගිල දැමු පුද්ගලයෙකු පිළිබඳ පිටකොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ තරුණිය ඇමෙරිකානූ තානාපති කාර්යාලයේ සේවය කරන අතර සැකකරු ඇගෙ ගෙල බැඳි මාලය කඩා ගෙන දුව ගොස් තිබෙනවා.
පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු විසින් එම මාලය ගිල ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුවේ සෙබලෙකු බවත් එම පුද්ගලයාගේ ඡායාරූපත් කොළඹ නගරයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සමාජජාල මාධ්‍යයන් වෙත මුදා හැර තිබෙනවා.
එයට දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් පැවති අතර ඔහු විසින් අදාළ පළ කිරීම ඉවත්කරගෙන ඇතත් පොලිසියේ කීර්ති නාමයට ඉන් බරපතළ හානියක් සිදුවී තිබෙන බවයි බොහෝ දෙනා දක්වා ඇත්තේ.
