Gossip

බුකිය කළඹන, කොල්ලෝ පිස්සු වට්ටන දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් – Exclusive

හිමායා බණ්ඩාර කියනවට වඩා සොනාලි ටීචර් කිව්වොත් දැන් රටම දන්නවා.
ඒ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය නිසා.
නිළියක් විදිහටත් නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු සොනාලි ටීචර් ගැන කතාකරන්න වෙබ් ගොසිප් අපි සොනාලි ටීචර් එහෙමත් නැත්නම් හිමායාට කතා කළා.

හිමායා කියලා කතා කරන්නද සොනාලි කියලා කතාකරන්නද..?
දැන්නම් ඉතිං හැමතැනම කතාවෙන්නේ සොනාලි ටීචර් කියලනේ…

කොහොමද..?
හම්.. හොඳින් සතුටින් හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්නවා.

දෙවැනි ඉනිම නාට්‍යය නිසා දැන් කොල්ලන්ගේ ආදරෙත් අඩුවක් නැතිව ලැබෙනවා නේද..?
හම්… ඔව්.. කොල්ලෝ ගොඩක් ආදරෙයි මට.. මුහුණුපොතේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි දැන් සොනාලි ටීචර්. ඒ තියෙන සමහර දේවල් දැක්කම මට තනියම හිනා යනවා.
කොල්ලෝ විතරක්නම් කමක් නෑ සමහර වැඩිහිටි අය මට කතා කරලා කියනවා ඉස්කෝලෙ ළඟ අම්මලා කතා වෙනවලු.

දෙවැනි ඉනිමේ ලැබුණු චරිතය නිසා ඔබට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා නේද..?
හම්.. ඔව්.. හැබැයි මම හිතුවටත් වඩා ජනප්‍රියත්වයක් ලැබුණා.
හිතුවේ නැති විදිහට ජනප්‍රිය වුණා.
සාරංග අයියගේ තුන්වැනි ටෙලි නාට්‍යයට තමයි මේ සම්බන්ධ වෙන්නේ. මට මුලින් කතා කරලා තිබ්බේ වෙන චරිතයකට.
නාට්‍යයේ කොටස් පනහකුත් ගියාට පස්සේ එයාලා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා.
ඒ වෙනකොටත් සොනාලි ටීචර්ගේ චරිතයට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන කිහිප දෙනෙක් ස්ක්‍රින් ටෙස්ට් කරලා තිබුණා.
දෙරණ සභාපතිතුමා සහ අනෙක් පිරිස බලලා මාව තමයි චරිතයට තෝර ගත්තේ. මාව සොනාලි ටීචර්ට ගැළපුණා.

හිමායාගේ රංගන ක්ෂේත්‍රය ගැන කතා කළොත්.
මම රංගනයට එන්නේ 2009 අවුරුද්දෙදි.
මම භාරගන්න වැඩ හොඳට හිතලා බලලා තමයි තෝරගතක්තේ.
හිමායා රංගනයට ආධුනික නැති වුණාට, වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනා ගන්නේ දෙවැනි ඉනිමෙන් නේද?
සමාජ මාධ්‍ය හරහා මාව වැඩියෙන්ම ජනප්‍රිය වුණේනම් දෙවැනි ඉනිමෙන්.

සමාජ මාධ්‍ය වලින් චරිත හිට් කරනවා වගේම නැති කරන්නත් පුළුවන් නේද..?
ඔව් ඒක ඇත්ත. මම නින්දා ප්‍රසංසා කියන දේ ජීවිතේට සමව බලපානවා කියන තියරියේ තමයි ඉන්නේ.
සමහරු මට බැනලා කමෙන්ට් දානවා.. සමහරු ආදරේ කරනවා.
මේ දෙකම අපි භාරගන්න ඕනේ.

හිමායාට දෙවැනි ඉනිමේ වඩාත් සමීප කාවද?
මයික්, චබි දෙන්නා සැබෑ ජීවිතෙත් ඔය චරිතමයි.
ඔය චරිත එක්ක මම පිස්සු නටනවා. අනුහස් ටිකක් නිහඬ චරිතයක්. අවන්තගේ චරිතය කරන කෙෂාන් එක්ක නම් මම ගොඩක් පොත් ගැන කතා කරනවා.
මට වැඩ කරන්න ලැබිලා තියෙන්නේ ජොලි ටීම් එකක්.

විවාහය ගැන කතා කළොත්..?
තාමනම් මම විවාහය ගැන හිතලවත් නෑ.

හැබැයි හිමායාට පිස්සු වැටුණු කොල්ලොනම් නැති වෙන්න බෑ..?
හැමෝම මට ආදරෙයි.. ඉතිං විශේෂ කෙනෙක් නැති නිසා ඒ ගැන කතා නොකර ඉමු..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!