ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා දෙස් විදෙස් ජනතාවගෙන් රුපියල් මිලියන 11ක මුදලක් නාගානන්ද කොඩිතුවක්කු එකතු කර ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් ඒ සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට මෙම මුදල් එකතු කර තිබූ අතර ඒ සඳහා බැංකු ගිණුමක්ද ආරම්භ කර තිබුණා.
නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිටි ‘ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ’ පක්ෂය ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදුන්නේ නැති බවයි දැන් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ.
ඊයේ (07 වැනිදා) මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ එකතු කළ මුදල් සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කුගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමේදී ඔහු පැවැසුවේ ජනධිපතිවරණ ව්‍යාපාරය සඳහා එක් රැස් කළ මුදල් තමාට ලබාදුන්නේ ඉතාලිය, ස්විස්ටර්ලන්තය, එංගලන්තය, ජපානය වැනි විදේශ රටවල්වලින් බවයි.
එම සෑම ගෙවීමක්ම විධිමත්ව ලේඛනගත කර ඇති බවත්, එහි සම්පූර්ණ තොරතුරු මහජනතාවට ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
මෙහිදී ඔහුගේ සහාය කුමන දේශපාලන පක්ෂයකට ලැබෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ අතර එයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා බවයි. එමෙන්ම දේශපාලන පක්ෂයක් සමග ගිවිසුමකට එළඹීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
