Gossip

ඒ මගේ වයිෆ්, අපි කෑවේ බිව්වේ අපේ සල්ලිවලින්, ආයෝජන ප්‍රවර්ධනය කලාවක්නම් මම එහි පිකාසෝ වෙමි – බුකිය කැළඹූ ගිහානිගේ සැමියා හඬ අවදි කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වුණු ගිහානි වීරසිංහ නම් කාන්තාව ගැන දැන් හැමතැනම කතාවෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය දූත පිරිසට ඇයත් ඇතුලත් කියන කාරණයත් එක්ක ඇය අන්තර්ජාලයට එක්කළ ඡායාරූප නිසා මේ ගැන ලොකු කතාබහක් ඇතිකළා.
ඇය විවාහක කාන්තාවක් බවත්, තමා ඇයගේ සැමියා බවත් ඇය මෙම සමුලුව සදහා සහභාගි වූයේ තමන්ගේ පෞද්ගලික මුදලින් බවත් මොහාන් පෙරෙරා නම් පුද්ගලයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
මෙම පිරිස සහභාගී වුණේ අයෝජන අවසථා ප්‍රවර්ධනය කිරීමට බවත් ඒ සඳහා රජයේ මුදල් ලබා නොගත් බවත් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණා.
මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.බි 1.5ක් වන බවද ගිහානි වීරසිංහ නම් කාන්තාව සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමේ සටහන් කර තිබුණා.
ගිහානි වීරසිංහගේ සැමියා සිය මුහුණුපොතේ තවත් අපූරු සටහනක් තබා තිබුණා.
ඒ ” ආයෝජන ප්‍රවර්ධනය කලාවක්නම් මම එහි පිකාසෝ වෙමි. ආයෝජන මගින් රට සන්වර්දනය වරදක් නම් එම වරද දහස් වර කරමි. මීට මොහාන් ” යනුවෙනි.
තවද එංගලන්තයේ රැදී සිටි කාලයේදී ඊට අදාල වියදම් තමන් පෞද්ගලිකව පියවූ බවත් ඔහු පවසනවා.
මොහාන් පෙරේරා ශ්‍රී ලංකා යුරෝපියන් බිස්නස් කවුන්සිල් නම් කවුන්සිලයක සභාපති තනතුර දරන අතර ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව නියෝජනය කර තිබුනේ එම සංවිධානය නියෝජනය කරමින් බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!