ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්ෂාවට පැමිණි එරට ආරක්ෂක අංශයට අයත් විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි කාර්මික දෝශයකට ලක්ව තිබෙනවා.
අදාල යානා දෙක අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ නවතා ඇති බවයි වාර්තාවන්නේ.
යානා දෙක අලුවැඩියා කිරීමට ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයන් උත්සහ කළද එය සාර්ථක වී නැහැ.
මේ වනවිට අදාල යානා දෙකේ ඇති ගැටලුව හඳුනාගෙන ඇති අතර ඉන්දීය ගුවන් හමුදා නිළධාරින් ඒ පිළිබදව ඔවුන්ගේ බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව යානා දෙක අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපාංග හා කාර්මිකයන් මෙරටට ගෙන්වාගෙන යානා දෙක අලුත්වැඩියා කිරීමට නියමිතයි.
අස්ගිරිය ක්‍රීඩාංගණයේ ඇති මෙම යානා දෙකට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.
කිසිවෙකුටත් ඒ අසලට යාමට හෝ අවස්තාවක් නොමැති බවයි වාර්තාවන්නේ.
අවස්ථා කිහිපයකදීම ඉන්දීය විශේෂ ආරක්ෂක ගුවන් යානා මහනුවර අහසේ පියාසර කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.
දළදා සමිඳුන් වැඩසිටින මාළිගාවේ රන් වියනට උඩින් හෝ දළදා මාලිගාවට ඉහලින් ගුවනේ කිසිදු යානාවක් ගමන් නොකිරීමේ පෞරාණික සම්ප්‍රදායක්ද බෞද්ධයන් තුල පවතිනවා.
