මාතර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ මාතර මකඳුර ප්‍රදේශයේ පිහිටි නිවස ජලයෙන් යටවී තිබෙනවා.
මේ වනවිට අමාත්‍යවරයාගේ බිරිඳ සහ ඔහුගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතාද එම නිවසේ රැඳී සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අමාත්‍යවරයා ඇතුළු පිරිස මේවන විට නිවසේ උඩු මහලේ රැඳී සිටිනවා.
මේ නිවස මේවනවිට අඩි 15 ක් පමණ යටවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
