Gossip

රංගන ශිල්පිනී මේනකා මධුවන්ති පිරිමියෙක් වූ හැටි හෙළි කරයි – Photos

මේනකා මධුවන්ති කියන්නේ පුවත් මවන නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්.
ඇය ගැන පසුගිය දවස්වල ඇහුණු කතාබහනම් ඒ තරම් හොඳ නැහැ.
ඒත් ටික දවසක ඉඳන් වැඩිය දකින්න නැති මේනකා ගැන අලුත්ම විස්තරයි මේ.

අනෝරා චිත්‍රපටයට මේනකා පිරිමියෙක් වුණා. මේ චරිතය හින්දා මඩගැසීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි නේද..?
මඩගැසීම් කියන දේ අපි මේ ක්ෂේත්‍රයට එනකොටම තේරුම් අරගෙන තිබුණු හින්දා ප්‍රශ්නයක් නැහැ. මොකද ජිවිතේ හොදම දේවල් විතරක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේ දෙයක් වුණොත් මුහුණ දෙන්නේ කොහොමද..?
මඩගහන කෙනා මඩගහලා හරි බඩපුරවා ගන්න එකට සතුටුයි.

මේ දවස්වල පෙන්න නැත්තේ..?
නිතරම ඒකාකාරී චරිත ලැබෙන පුංචි තිරයෙන් පොඩ්ඩක් පිටිපස්සට වුණා.

මේනකා දැන් පෙම්වතියක් කියලත් ආරංචියි..?
විවාහයෙන් පසුව තමයි මම ඒ ගැන කියන්නේ. එතකල් නිශ්ශබ්දතාව ගොඩක් වටිනවා කියලා මම හිතනවා.

විවාහ උත්සවය ලගදීම සිදුවෙනවා කියන එකනේ කියන්නේ..?
ඔව්. වෙන්න පුළුවන්. විවාහය ලගදි ගන්නවා. ඒක සුදුසු වෙලාවට තමයි සිද්ධ වෙන්නේ.

විවාහ වෙන දවස කියන්නේ නැත්තේ ඒකට අකුල්හෙලන අය ඉන්නවා කියන එකද..?
මම හිතනවා විවාහය කියන දේ අඩබෙර ගහලා කරන්න වුවමනා දෙයක් නෙමෙයි කියලා.ඒක මගේ ජිවිතේ පිළිබද තීරණයක්. ඉතින් මම ඒක හරි වෙලාවට ගන්න එක තමයි හොදම දේ.

විවාහයෙන් පසුව රගපෑමට සමුදෙනවාද..?

අපොයි නැහැ. මට එහෙම තහංචියක් නැහැ.

මේනකා මධුවන්ති නමත් වෙනස් කළා නේද..?
නම වෙනස් කළේ නැහැ. මගේ නමේ තිබුණු වාසගම පාවිච්චි කරන්න පටන් ගත්තා. මම දැන් මේනකා ගර්දි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!