ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 දරණ මගී ගුවන් යානයක් අද (16) සවස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.
ලන්ඩන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කොට ඇති මෙම ගුවන් යානය අයහපත් කාළගුණය නිසා මත්තල ගුවන් තොටුපළ වෙත පියාසර කර ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය සති කිහිපය පුරාම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබදව ආන්දෝලාත්මක් පුවත් මැවුණු අතර එහි ගබඩා සංකීර්ණ තුළ වී ගබඩා කිරීමට කටයුතු කිරීමද සමාජය තුළ කතාබහට ලක්වුණා.
එවන් පසුබිමක් තුළ මෙම යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.
මෙම ගුවන් යානය පස්වරු 2.30 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට නියමිතව තිබුණා. එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත යානය මත්තල වෙත හරවා යැවූ බවයි ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.