මල්ෂා කුමාරතුංග කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැනේ. එයා ඇවිල්ලා අපේ රටේ ප්රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්න දේශපාලඥයෙකු වන ජීවන් කුමාරතුංග මහතාගේ දුව. ඒ වගේම ඇය දේශපාලඥවරියක්.
ඔන්න දැන් අපි කියන්න යන්නේ ඇය ගැන අලුත් ආරංචියක්. ඒ මොකක්ද දන්නවාද ?
ශ්රී ලාංකික සම/ද්වී සෙනෙහස් සහ සංක්රන්තික ලිංගික ප්රජාව පිළිබඳව ඇය අගය කිරීමක් කරලා තියෙනවා. ඒ අගය කිරීම එහෙමත් නැතිනම් ඔවුන්ට සුබ පැතීම කරලා තියෙන්නේ ඇයගේ ෆේස්බුක් පිටුවෙන්.
අපේ රටේ සමලිංගිකයින් හා ද්විලිංගිකයින් අද වනවිට තම අභිමානය සමරමින් සිටින බව ඇය එහි සඳහන් කර තිබෙනවා.
කොහොම හරි ඔන්න ඉතින් මල්ෂා එයාගේ ෆේස්බුක් ගිණුමෙන් කියන්නේ මෙම පිරිස්වලට කරන පීඩා පරිභවයන් 2016දී තවදු ඉවසිය යුතු බවලු. කොහොම හරි අපි දැන් මේ කතාව මෙහෙම ප්රසිද්ධ කරද්දි ගොඩක් අය බනින්න ගනී.
හැබැයි ඔන්න එහෙම බනින්න කිසි වැරැද්දක් නම් මෙතන අපට පේන්න නෑ. අපේ රටේ වගේම ලෝකයේ ඔනෑම රටක මේ සමලිංගිකයින් හා ද්විලිංගිකයින් කියන්නෙත් අප වගේම මිනිස්සු කොට්ඨාශයක්. එයාලටත් සමාජයේ ජීවත් වන අනෙක් මිනිස්සු හා තරමටම අයිතිවාසිකම් තියෙන්න ඕනෑ. මොකද එයාලත් මිනිස්සු නිසා.
කොහොම හරි ඔන්න බස්නාහිර පළාත් සභා මන්ත්රිනි මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් සමලිංගිකයින් හා ද්විලිංගිකයින් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබූ පණිවිඩය පහතින් බලන්න.