ශ්‍රී ලංකා පිලේ පරාජයන් පිළිබඳව ඊයේ (31) තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එදින නායකයා ලෙසින් කටයුතු කළ ලසිත් මාලිංග පවසා සිටියේ කණ්ඩායම ජයග්රහණයන් සඳහා රැගෙන යාමට අපහසු වී ඇත්තේ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් අඩුකම නිසා බවයි.
එමෙන්ම තමන්ද ආබාධයෙන් පසුව මාස 19කට පසු පිටියට පැමිණ සුපුරුදු දස්කම්වලට පැමිණ නැති බව ඔහු පවසා සිටිනවා.
ඉදිරියේදී නැවතත් ඔහු සුපුරුදු දස්කම් වලට පැමිණෙන්නට උත්සාහ කරන බවත් එසේ නොමැති වුවහොත් කණ්ඩායමෙන් ඉවත්ව යන බව මාලිංග පවසා සිටිනවා.
”මම මාස 19කට පස්සේ පාදයේ ආබාධය හොඳ කරගෙන ටීම් එකට ආවේ. සිම්බාබ්වේ, ඉන්දියානු සංචාරවල මට හොඳ දක්ෂතාවලට එන්න බැරිවුණා. මේ තරඟාවලිය ඉවරවෙලා බලනවා මම කොතනද ඉන්නේ කියලා. ශරීර සෞඛ්‍යත් එක්ක කොතනද ඉන්නේ කියන එකත් බලන්න ඕනි. මම කොච්චර පළපුරුදු ක්‍රීඩයෙක් වුණත් කණ්ඩායම දිනවන්න දෙයක් කරන්න බැරිනම් ටීම් එකේ ඉඳලා වැඩක් නෑ. ඊළඟ මාස 3, 4 බලනවා මට අතපසුවුණු ශරීර යෝග්‍යතාව මට ආයෙත් ගන්න පුලුවන්ද කියලා. මට ලැබෙන තරඟත් එක්ක කණ්ඩායම දිනවන්න, ඔවුන් බලාපොරාත්තු වෙන දේ දෙන්න බැරිනම් මම ඉතා සතුටින් ඉල්ලා අස්වෙන්න කැමති”
