Gallery

ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථමවරට තරඟයකට ලබාදෙන වැඩිම ආරක්ෂාව අද – CCTV, පොලිසියේ 1000ක් එක්ක වැඩේ වෙන්නේ මෙහෙමයි

මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට ක්‍රිකට් තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලංකා – ඉන්දියා සිවු වැනි එක්දින තරගය සඳහා ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇති බවට වාර්තා වෙනවා.

මෙම තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් ඒ අනුව යොදවා ඇතැයි වාර්තා වන අතර මීට අමතරව කැරලි මර්දන කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කර ඇති බවටද වාර්තා වෙනවා.

ක්‍රීඩාලෝලීන් ප්‍රේක්ෂකාගාරය තුළට පැමිණීමට පෙර ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් ප්‍රේක්ෂකාගාරය තුළට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරි කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වන අතර
ක්‍රිකට් තරගයට බාධා වන අයුරින් තරගය මැද ක්‍රීඩාපිටියට පනින තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානම් කර තිබෙනවා.

දඹුල්ලේ සහ පල්ලේකැලේ පැවැති තරගවලදී ක්‍රීඩාලෝලීන් දැක්වූ කලහකාරී හැසිරීම හේතු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූලස්ථානයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!