ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් පසුගියදා කළ ප්රකාශයක් පිළිබඳව සමාජජාල ඔස්සේ පසුගිය දින කිහිපය පුරා කතාබහට පත්ව තිබුණු අතර පුවත්පත්වලද ඒ පිළිබඳව ලිපි රැසක්ම පළවුණා.
මේ පිළිබඳව ශ්රී ලංකා පිලේ පුහුණුවීම් අතරද කතාබහට ලක්වෙන බවට වාර්තා වන අතර පසුගියදා පැවති පුහුණු සැසියකදී මාලිංග තමාගේ දණහිසට අයිස් බෑගයක් බැඳගෙන සිටියදී පුහුණුකරු නික් පොතාස් කොන්ද නමාගෙන ඒ අසළින් ගොස් තිබුණේ ධවාන් කී කතාවට මාලිංග හට ඔච්චම් කරමිනි.
කෙසේ නමුත් ධවාන් සිදුකළ එම ප්රකාශය පිළිබඳව මාලිංග දක්වන්නේ කුමන අදහසක්දැයි ඔහුගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ එම පුවත ඇසූ අවස්ථාවේ මාලිංග මුවගින් සිනාසුණු බවයි.
මාලිංග ඔහු පිළිබඳව ඇතැමුන් දක්වන අදහස්වලට බොහෝ අවස්ථාවල වචනයෙන් පිළිතුරු නොදෙන අයෙක් බවත් එම අදහස්වලට ප්රතිචාරය ඔහු පිටියට ගොස් පන්දුවෙන් කඩුලු දවාගෙන පෙන්වා ඔප්පු කරන අයෙකු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබෙනවා.
