ජීවිතය ජීවත් කරවන්න මිනිස්සු කොච්චරනම් අරගලයක් කරනවාද?
ඒ අරගලය ඇතුලේ ජීවිතේ කොහොමහරි ගැටගහගන්න තමයි හැමෝම බලන්නේ.
ඒත් බලන්න මේ පවුල තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා?
මහවැලි සංවර්ධනය අධිකාරියට අයත් බව පැවසෙන දිගන අඹකුටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක පස්දෙනෙකුගෙන් යුත් මේ පවුල වසර 10ක් පමණ ජීවත්වෙලා තියෙනවා.
එහෙත් නිළධාරීන් පිරිසක් පැමිණ මොවුන්ව එළියට ඇද දමා නිවස කඩා දැමීමත් සමග මේ පවුල දැන් ජීවත්වෙන්නේ ලොරි රථයේයි.
මේ ඔවුන්ගේ කතාවයි.