ලසිත් මාලිංග කියන්නේ අයි.පී.එල්. ඉතිහාසයේ හොඳම වේගපන්දු යවන්නා මෙන්ම ලොව හොදම වේග පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි ක්රීඩකයෙක්.
මාලිංගව මුම්බායි ඉන්දියන්ස් පිලේ වේග පන්දු උපදේශකයා ලෙස තෝරා පත්කරගෙන තිබෙනවා.
එම ගිවිසුම පසුගිය දිනක කොළඹ ප්රසිද්ධ හෝටලයකදී අත්සන් කර තිබෙනවා.
ඒ අනුව 2018 වසරේ සිට මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ ක්රීඩකයෙකු ලෙසින් ක්රීඩා නොකළත් එම කණ්ඩායමට එක්වන වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයා ලෙසින් කටයුතු කිරීමට නියමිතයි.
ශ්රී ලංකා පිලේ මාලිංගට හිමිවිය යුතු තැන නොලැබෙද්දී ඉන්දියාවෙන් මෙවැනි අවස්ථාවක් හිමිවීම ගැන බොහෝ දෙනෙක් සතුට පලකර තිබෙනවා.
මාලිංගට අවස්ථා ගණනාවකදී එල්ලවූ අපහාසවලට මෙම තනතුරත් සමඟ පිළිතුරු ලබාදීමට හැකිවනු ඇති බවටයි ක්රීඩාලෝලීන් පවසන්නේ.
