Gossip

“මාව දැකලා තියෙන්නේ හොට් විදියට, එයා මගේ බබාට පුදුම විදියට ආදරෙයි, මම දඟලන්නේ මම ආසා කරන දේවල්වලට විතරයි”

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට කරළියට එන පුවත් මවන චරිතයක්.
ඉතිං පියුමිගේ ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම සිද්ධ වෙනවා කියන ආරංචියක් පැතිරෙන්න පටන් අරන්.
ඒ ගැනයි පියුමිගේ අලුත්ම විස්තර ගැනයි මේ විදිහට පියුමි කියලා තිබුණා.

කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ අවස්ථාවක් ලැබිලා නේද?
ඔව්. ඒක මට හිතාගන්නවත් බැරි අවස්ථාවක්. හරිම සතුටුයි මට ලැබුණු ඒ අවස්ථාව ගැන. මේ මාසේ මැද වගේ චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නවා.

කොහොමද පියුමිට මේ පුදුම හිතෙන අවස්ථාව ලැබුණේ?
මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරිය තමයි බීනා උන්නික්‍රිෂ්ණන් කියන්නේ. ෆේස්බුක් එකේ මාව දැකල තමයි එයා මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ.

මීට මාස හතරකට විතර කලින් තමයි මට චිත්‍රපටයට ආරාධනා කළේ.
පියුමිට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී එක්ක.

පියුමිව තෝර ගනිද්දී ඒ ගැන දැනගෙන හිටියාද?
ඔව්. ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක තමයි මට රංගනයට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඇත්තටම ඔහු මම ගරු කරන රංගන ශිල්පියෙක්. කේරළවලට ගිහින් ඔහු එක්ක රඟපාන්න අවස්ථාව ලැබීමම සතුටක්. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ බිරිය වෙන්න තමයි මට අවස්ථාව ලැබුණේ.

පියුමි වැඩිය රඟපාලත් නෑනේ. මේ නිර්මාණයට පියුමිව තෝරගන්න ඇත්තේ පෙනුම නිසාවත්ද?
මම වැඩිය රඟපාලා නෑ. මම රඟපාලා තියෙන්නෙත් එක ටෙලි නාට්‍යයක විතරයි.

මම සම්බන්ධ වුණු චිත්‍රපටයත් තාම තිරගත වුණේ නැහැ. ඒ නිසා මගේ පෙනුම බලලා වෙන්න ඇති මාව තෝරගත්තේ. එයාලට ඕන වුණේ ඉතාම අහිංසක සාරියක් අන්දලා තියන්න පුළුවන් චරිතයක්.

වයසින් වැඩි සැමියෙක් එක්ක ජීවත්වෙන ළාබාල ගංගා කියන තරුණියගේ චරිතයට මාව ගැළපෙනවා කියලා හිතන්න ඇති.

සරාගී විදියට දකින පියුමි අහිංසක චරිතයකට ගළපා ගැනීමත් පුදුමයක් නේද?
ඇත්තටම නිෂ්පාදකවරිය මගේ ෆේස්බුක් එකේ යහළුවෙක්. එයාලා මාව දැකලා තියෙන්නේ හොට් විදියට. ඒත් මාව තෝරගෙන තියෙන්නේ අහිංසක චරිතයකට. මටත් පුදුමයි. ඇත්තටම ඒ නිෂ්පාදකවරිය මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි.

පියුමි මුහුරත් උළෙලටත් ගියා. හැබැයි වැඩි සද්ද බද්ද දැම්මේ නෑ?
ජනවාරි 9 තමයි අපි මුහුරත් උළෙල වෙනුවෙන් ඉන්දියාවට ගියේ. මම ඉන්දියාවට යනකල් කිසිම කෙනෙක්ට කිව්වේ නෑ. හැබැයි සමහරු මම ඉන්දියාවට ගිය එක ගැනත් බොරු ගොසිප් දාලා තිබුණා.

හැම දෙයක් ගැනම ප්‍රසිද්ධ කරන පියුමි මෙච්චර ලොකු අවස්ථාවක් ලැබිලත් සද්ද බද්ද නොදැම්මේ කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා හිතුණු නිසාද?
ඇත්තටම ඔව්. මම මේ සැරේ කට පරිස්සම් කරගත්තා. මට ලංකාවෙදි ලැබුණු සමහර අවස්ථා පවා සමහර නිළියෝ නැති කළා.

මේ පාර මම සද්ද නැතුව හිටපු නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මම වැඩිය රඟපාලත් නෑ. ඉතිං මම හිතන්නේ වැඩිය රඟනොපා ඉඳලත් මේ වගේ ලොකු අවස්ථාවක් ලංකාවේ නිළියක්ට ලැබුණු පළමු අවස්ථාව මේක.

ජැක්සන් ඇන්තනී එක්ක මේ නිර්මාණය ගැන කතාබහ කළාද?
මුහුරත් උළෙලට යද්දි එයාර්පෝට් එකේදි තමයි මට ඔහු එක්ක කතා කරන්න ලැබුණේ. ඔහුගේ නිර්මාණ බලලා තිබ්බට ඔහු එක්ක පළමුවැනි වතාවට කතා කළෙත් එදාමයි.

මම ඔහුට කිව්වා මට එච්චර රඟපාන්න තේරෙන්නේ නෑ කියලා. මට ඕන සහයෝගයක් දෙන්නම් රඟපාමු කියලා තමයි ජැක්සන් ඇන්තනී මහත්තයා මට කිව්වේ. ඔහු ගුරුවරයෙක් වගේ. හොඳ මනුස්සයෙක් ඔහු.

මේ නිර්මාණය පියුමිගේ ජීවිතේ පෙරළියක් ඇති කරයිද?
ඇත්තටම මේක මට වාසනාවට ලැබිච්ච අවස්ථාවක්. මේක මගේ ජීවිතයට ලොකු පෙරළියක් වෙයි. මේ වැඩේදි මට ගහපු දේවල් මම බීනාට යැව්වා. ඇය මට කිව්වේ “පියුමි ඔයා ඉන්දියාවටත් ඇවිත් පෙරළියක් කරන්න” කියලා.

එහෙනම් පියුමි ඉන්දියාවත් හොල්ලන්නද ලෑස්ති වෙන්නේ?
දැනටම මට ඉන්දියන් චිත්‍රපට දෙකකට ආරාධනා කරලා තියෙනවා. හැබැයි බීනා මට කිව්වා ඒවා භාරගන්න එපා. එයාලගේ වැඩේට සහයෝගය දෙන්න කියලා. ඒ නිසා ලැබිච්ච අනෙක් නිර්මාණ දෙක මම භාරගත්තේ නැහැ.

ලංකාවේ වැඩවලටත් දැන් පියුමි ගණන් උස්සයිද?
මම කොහොමත් මගේ මුදලට හරියන්නේ නැත්තම් වැඩ භාරගන්නේ නැහැ. ටෙලි නාට්‍ය නම් මට හරියන එකක් ලැබුණේ නැහැ. මියුසික් වීඩියෝ වුණත් මම කරන්නේ මගේ මුදලට කැමැති නම් විතරයි.

එච්චර තෝරාගැනීම් කරන්න තරම් පියුමිගේ අතමිට දැන් සරුයි වගේ?
ජීවත්වෙන්න තරම් අතමිට සරුයි. මම ආස කරන දේවල්වලට විතරයි මම දඟලන්නේ. වෙලාව ආවම හිමින් සැරේ හැමදේම ලැබෙයි.

උපුටා ගැනීමකි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!