Gossip

ජනප්‍රිය සුරූපී නිරූපිකාවක් අභිරහස් ලෙස අවසන් ගමන් යයි – ව්‍යාපාරිකයාගේ නිවසේදී සිදුවූ දේ CCTV කැමරාවේ පටිගත වෙයි – Photos

ගොඩනැගිල්ලකින් ඇදවැටී සුරූපී නිරූපිකාවක් මියගිය පුවතක් වාර්තා වනවා.
ඉවානා ස්මිත් නමැති මැලේසියානු ජනප්‍රිය ඕලන්ද ජාතික නිරූපිකාවක් මෙලෙස මියගොස් තිබෙනවා.
මැලේසියාවේ Kuala Lumpur හි සුපිරි ව්‍යාපාරිකයෙකුගේ නිවස පිහිටි ගොඩනැගිල්ලෙන් ඇය වැටී මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගොඩනැගිල්ලේ හයවැනි මහලේ තිබියදී ඇයගේ නිරුවත් සිරුර හමුවී තිබුණා.
එම අවස්ථාවේදී ඇය බීමතින් සිට ඇති බවටයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ.
අදාල ව්‍යාපාරිකයාගේ බිරිඳද මෙම අවස්ථාවේ සිට ඇති අතර මෙම සිද්ධිය ගැන සැකසිතී ඇයගේ පවුලේ ඥාතීන් විසින් මෙම මරණය ගැන පරීක්ෂා කිරීමට බ්‍රිතාන්‍යයේ ප්‍රකට රහස් පරීක්ෂකවරයෙක්ද කැඳවා තිබෙනවා.
ඇයගේ සිරුරේ සැකසහිත සීරිම් කිහිපයක්ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
තවද අදාල ව්‍යාපාරිකයා විසින් ඇයව ඔසවාගෙන ගමන් කරන අයුරු සී.සී.ටී.වී.කැමරාවේ දක්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!