පසුගියදා පැවතී Met Gala උත්සවයට සහභාගී වූ කයිලි ජෙනර්ගේ ගවුම කාගේත් අවධානයට ලක් වුණා.
අධික මිලකින් යුත් මෙම ඇඳුම උජාරුවෙන් ඇඳන් හිටියත් එම ගවුම නිසා ඇගේ එක් පාදයක් සීරී ඇති අකාරය හා ඇය පැළඳ සිටි සපත්තුව නිසා අනෙක් පාදය දම් පැහැයට හැරී තිබුණ අකාරය දක්වමින් ඇගේ මව වන ක්රිස් ජෙනර් ෆේස්බුක් වෙත ඡායාරුපයක් මුදා හැර තිබුණා.
කෙසේ නමුත් ස්නැප් චැට් හරහා ඇය පවසා තිබුණේ ගවුම හා පාවහන් නිසා ඇගේ දෙපා වලට මෙසේ වුවත් එය වටිනාකමක් බවයි.
ඇය සාදය අවසානයේ ඇගේ මිල අධික පාවහන් ගලවා සොයුරිය කිම් සමග අතින් අල්ලාගෙන යන ඡායරුපයක්ද අන්තර්ජාලයේ මේ වන විට සැරිසරමින් පවතිනවා.
එම උත්සවය ඇයට සිහිනයක් බව 18 හැවිරිදි කයිලි ඇගේ ෆේස්බුක් ගිණුම හරහා ප්රකාශ කර තිබුණා.
කයිලි ජෙනර් කිම් කාර්ඩශියන්ගේ බාල සොහොයුරිය වේ.
