අපේ රටෙන් බිහිවූ සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් තමයි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කා කියලා කියන්නේ.
සංගා ටීම් එකෙන් අයින්වෙලා ගොඩක් කල් වුනත් තාමත් ක්රිකට් පිටියේ තමන්ගේ දක්ෂතා පෙන්වන්නට සමත් වෙලා තියෙනවා.
ඉතින් පසුගිය දවසක් තිබූ ප්රාන්ත තරඟාවලියකදී සංගා දක්ෂතා පෙන්නුවේ සියල්ලෝම පුදුම කරමින්.
මේ ප්රාන්ත ක්රිකට් තරඟාවලියේදී සංගා එයාගේ අටවන ශතකය ලබා ගත්තා.
මේ ගැන සමාජජාල මාධ්යයන්වලද ගොඩක් දෙනෙක් කතාබහ කරලා තිබුණා.
සංගයි මහේලයි කියන්නේ හොඳම යාලුවෝ දෙන්නෙක්නේ. ඉතින් සංගාගේ මේ දක්ෂතා ගැන මහේල තමන්ගේ අදහස කිව්වේ Twitter එකෙන්.
“සංගා හරියට පරණ වයින් බෝතලයක් වගේ” කියලා තමයි මහේල එයාගේ Twitter Account එක Update කරලා තිබුනේ.
වයින් වුනත් රහ වැඩිවෙන්නේ පරණ වෙන්න පරණ වෙන්න කියලා කතාවක් තියෙනවනේ. සංගාත් ඒ වගේ තමයි කියල මහේල කියන්නේ.
