කොස්ගම සාලාව කඳවුරේ ඊයේ සවස ඇතිවූ පිපිරීමත් සමග ඇතිවූ කම්පන තත්ව හේතුවෙන් ඒ අවට කඳු නායයාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව කොස්ගම කොටහැරකන්ද නාය යාමේ අවදානමකට ලක්ව ඇති බව බලධාරීන්ගේ පරීක්ෂාවෙන් පසු තහවුරුවී තිබේ.
මේ නිසා පිපිරුමේ බියජනක තත්ත්වය දැන් පහව ගොස් ඇති නමුත් කඳුනායයාමේ අවදානම නිසා පුද්ගලයන් ඉවත්කරන්නට ආපදා කළමනාකාරණ නිලධාරීන්ට සිදුව ඇත.
ඒ හේතුවෙන් ප්රදේශවාසීන් එම ස්ථානයෙන් මේ වනවිට ඉවත් කෙරෙන බවද වාර්තා වුණා.
