ඇවිදීමට හැකිව තිබූ ලොව කොටම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කගේන්ද්‍ර තාපා මාගාගේ උස වාර්තා වන්නේ අඩි 02.24 ක් වන අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 27 ක්.
හදිසියේ වැළඳුනු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් කගේන්ද්‍ර තාපා මාගා මියගිය බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.
කගේන්ද්‍ර තාපා මගා ලොව කොටම මිනිසා ලෙස වාර්තා අතරට එක්වුණේ 2010 වසරේ යෙදී තිබුණු ඔහුගේ 18 වන උපන් දිනයදායි.
