රිය අනතුරක් සිදුකර පලායාමෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසුවු ජනප්රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය ඊයේ (03) වනදා නියෝග කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත සැකකාර කාවිංග පෙරේරා මුදා හැරිමටයි කඩුවෙල අතිරේක මහේස්ත්රාත් දිසා විනිසුරු ප්රසන්න අල්විස් මහතා නියෝග කරා. එමෙන්ම බීමතින් රිය පදවා සිදුකළ අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිදට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
සැකකාර කාවිංග පෙරේරාගෙන් රියදුරු බලපත්රය අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබේ
පසුගිය 19 වනදා තලවතුගොඩන ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු කරමින් සිටි පුද්ගලයෙකුයි මෙම අනතුරින් මියගොස් තිබුණේ. බීමතින් අධික වේගයෙන් රිය පදවා ඇති කාවිංග පෙරේරාට සිය රථය පාලනය කර ගැනිමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර තිබුණේ
