Gossip

වසර 9ක් ‌පෙම් කළ පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපාගෙන ගිහින්

වසර 9ක් පුරා ආදරය කළ සිය පෙම්වතියගේ කෙස් වැටිය කපා අඩන්තේට්ටම් කර, සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පෙම්වතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (3 වැනිදා) දන්වා සිටියේය.

අදාළ සිද්ධියට මුහුණ පෑ ගුරුවරියක් වන පෙම්වතිය කළ පැමිණිල්ලක් මත සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ගුරුවරියක වන පැමිණිලිකාරිය ඉකුත් 29 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන විට ඇය වසර 9ක් පමණ ආදරය කළ සැකකාර පෙම්වතා එහි සිට ඇත.

එම අවස්ථාවේදී පැමිණිලිකාරිය 138 මාර්ගයේ බස් රථයකට නැගීමට සූදානම් වීමේදී ’උඹත් එක්ක කතාවක් තියෙනවා. පස්සට වරෙන්’ කියා සැකකරු ඇයගේ පොත් බෑගයෙන් ඇද ’උඹට මම අද පොඩි දඬුවමක් දෙනවා. මේක පොඩි දඬුවමක්. ලොකු දඬුවම් ඉස්සරහට’ යනුවෙන් පවසා පැමිණිලිකාරියගේ කෙස් වැටියෙන් කොටසක් කතුරකින් කපා වෙන් කරගෙන ගොස් තිබේ.

පැමිණිලිකාරියට අඩි 3ක පමණ දිග කෙස් වැටියක් තිබී ඇති බවත්, ඉන් කොටසක් සැකකරු විසින් කපාගෙන ඇති බවත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසියේ සැරයන් (23072) විජිත අධිකරණය වෙත දන්වා සිටියේය.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉරෝෂාන් ජයසූරිය නමැති සැකකරු රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප මත මුදාහරින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!