පින්බර කතරගම පුද බිමට පැමිණෙන පිරිස් බලෙන් වෙළඳසැල් හා රථගාල්වලට ඇතුල් කරගැනීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.
මේ සිද්ධිය බොහෝ කළක සිට සිදුවන බවත් නමුත් කිසිදු බලධාරියෙකු ඒ සම්බන්ධයෙන් පිළියමක් නොගන්නා බවත් සිද්ධියට මුහුණදුන් අයෙකු ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කරමින් පවසා තිබෙනවා.
ඔහු පවසන්නේ කතරගම පැමිණෙන බැතිමතුන්ට රිසේ කඩයකට යාමට හෝ වාහනයක් ගාල්කිරීමට නොදෙන මෙම පිරිස බලහත්කාරයෙන් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ රථගාලවල් වලට වාහන ඇතුල් කරගන්නා ලෙස පවසන බවයි.
මාර්ගයද හරස් කරමින් ඔවුන් සිදුකරන මෙම ව්‍යාපාරය නිසි ප්‍රමිතියකින් බැතිමතුන්ට හානියක් නොවන ලෙස සිදුකරන්නැයි බොහෝ දෙනෙකු ඉල්ලා සිටියි…
මේ එලෙසින් කැමරාවේ සටහන් වූ වීඩියෝවකුයි….
