පසුගිය දා වාහන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකාව පුරා විශේෂ කතා බහක් ලක් වුණා. කොහොම හරි එක එක කතා සමාජය තුළ පැතිරෙන්න ගත්තා.
ඔන්න දැන් අලුත් කතාවක් සමාජයේ පැතිරිගෙන යනවා.
වාහන මිල ගන්න සංශෝධනය නිසා මෙරටට ආනයනය කරන එන්ජින් ධාරිතාව 1000ට අඩු සියලූ පාවිච්චි කළ ජපන් වාහනවල මිල ලක්ෂ 2 1/2 – 3 පමණ පහල යන බව තමයි මේ කතාව.
ක්ෂයවීමේ ක්රමය යලි බලාත්මක කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පවසන ආනයනකරුවන් වසර තුනක් පාවිච්චි කළ වාහනක් ආනයනය කරද්දී වටිනාකමෙන් 85%ක් තෙක් ක්ෂය කරනු ලබන බව කියනවා.
නව මිල ගණන් යටතේ වැගන් ආර්. සී. සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද හස්ලර් සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනා රුපියල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩු වී තිබේ.
කෙහොම වුණත් මේ කතා සනාථ කරන්න කවුරුවත් නිල නිවේදනයක් කරලා නෑ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේ වටේ යන කතා එක පාර පිළිගන්න එපා කියලයි.
වත්මන් වෙළඳ පොළේ මේ වන විට වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 30ක් පමණ වෙයි. ඒ වගේම හස්ලර් මෝටර් රථයක් ලක්ෂ 25ට වැඩිය. ඔන්න මීට වඩා අඩුවට මේ වාහන තියෙනම් අපටත් කියන්න.