Gossip

අලුත්ම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

1

ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය.

ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම මෙහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වයයි.

මෙලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ පහ වනුයේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.

මෙම වාහන 5 සම්බන්ධයෙන් Global NCAP විසින් නිකුත් කරන ලද සම්පූර්ණ අධ්‍යයන වාර්තා පහත පරිදි දැක්විය හැකිය.

 

biz.adaderana.lk ඇසුරෙනි

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!