සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සිය 34 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබුණේ ත්රිකුණාමලය උප්පුවේලි වෙරළ ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකදීයි.
ඇයගේ මෙවර උපන්දිනයට සිය පියාගෙන් ඇයට හිමිව ඇත්තේ දියමන්ති පෙන්ඩන්ට් එකක් සහිත මාලයකි.
මෙම අවස්ථාවට ඇයගේ සමීපතමයන් එක්ව තිබූ අතර එහි වීඩියෝ සහ ඡායාරූප සිය මුහුණුපොතේ සහ ඉන්ස්ටග්රෑම් ගිණුමට මුදාහැර තිබුණා.
මීට දින කිහිපයකට පෙර ඇය ශ්රී ලංකාවට පැමිණ තිබූ අතර හබරණ ප්රදේශයේ සංචාරයකද නිරතවී තිබෙනවා.
