චීනයේ නිර්මාණය කෙරුන ලෝව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ වැඩ කටයුතු නිමවී ඇත. මීටර් 500ක විවරයක් සහිත එනම් පාපන්දු පිටි 30ක ප්‍රමාණයේ වන මෙම ගෝලීය දුරේක්ෂය මගින් අනෙක් රේඩියෝ දුරේක්ෂ වලට වඩා ඉතා දුර්වල සංඥා හදුනා ගැනීමට හැකිවනු ඇත. මේ අති දැවැන්ත රේඩියෝ දුරේක්ෂය භාවිතා කරමින් සැප්තැම්බර් මස ET මෙහෙයුමද ආරම්භ කිරිමට කටයුතු යොදා ඇත.
පිටසක්වළ ජීවය සොයා ගැනීමේ තරගයේදී, ඉදිරි පියවරක් තබමින් චීනය මෙම දැවැන්ත නිර්මාණයත් සමඟ ඉදිරියෙන් සිටිනු ඇත. 2011 මාර්තු මස ආරම්භ කළ FAST දුරේක්ෂය 2016 සැප්තැම්බර් මස වන විට වැඩ නිම කිරිමට සැලසුම් කර තිබිණ. FAST නිමකිරිමට ඇස්තමේන්තු කළ මුදල ආසන්න වශයෙන් යුවාන් බිලියන 1.2කි.
0.5KM FAST ගෝලීය දුරේක්ෂය Guizhou පළාතේ කදු අතර නිර්මාණය කර ඇත. මෙහි පැනල් 4,450කින් සමන්විත වේ. චීනයේ ජාතික විද්‍යා ඇකඩමියේ තාරකා විද්‍යා නිරික්ෂණ අංශයේ උප ප්‍රධානී Zheng Xiaonian මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන ලදි. මෙම ව්‍යාපෘතිය මගින් විශ්වයේ සම්භවය වඩාත් හොදින් අවබෝධ කරගැනීමටත් පිටසක්වළ ජීවය සෙවීමටත්, නව ආකාශ වස්තු සෙවීමටත් ගැඹුරු විශ්වය අධ්‍යනයටත් හැකිවනු ඇත.