Gossip

ජනපතිගේ නම ඇති සමරු ඵලකය විහාරධිපති හිමියන් කුඩු කරයි

මඩකලපුව – මංගලාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොපැමිණීමට විරෝධය පලකරමින් මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් එම විහාරස්ථානයේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කර තිබු සමරු ඵලකය කඩා ඉවත් කිරීමට කටයුතු කළේය.

අදාළ විහාර මන්දිරය විවෘත කිරීමට ජනාධිපතිවරයාට ආරාධනා කළ නමුත්, ඔහු ඊට නොපැමිණි බව උන්වහන්සේ චෝදනා කරයි. ඉන් අනතුරුව උන්වහන්සේ විසින් අදාළ විහාර මන්දිරයේ සමරු ඵලකය අද කඩා දැමීමට කටයුතු කළේය.

මඩකලපුව නගරයේ ඇති එකම සිංහල බෞද්ධ විහාරයට පැමිණීමට නොහැකි නම් රටේ ජනාධිපති ගේ වුවත් එලකය පන්සලේ ගසාගෙන සිටීමට අවශ්‍ය නැති නිසා තමන් එම ඵලකය කඩා විනාශ කල බව පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පැවසූහ.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංචාරය කල අතර එම උත්සවයට සහභාගි වු උතුරු නැගෙනහිර උප ප‍්‍රධාන සංඝනායක මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් තම විහාරස්ථානයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති බවත් එහිදී ඒ සඳහා කාලයක් නොමැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!