Gossip

ඉන්දියාව සිය ජනතාව රකින හැටි විදේශ ඇමති ලොවට හෙළි කරයි…

අර්බුද හමුවේ ඉන්දියාව කිසිඳු සිය ජනතාව අතනොහරින බව එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසයි.

සුඩානයේ සහ යුක්‍රේනයේ සිදු කළ මුදාගැනීමේ මෙහෙයුම් හමුවේ ඉන්දියාව ඒ බව ඔප්පු කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ සුඩානයේ සිටි ඉන්දියානුව මුදා ගැනීමට ආරම්භ කළ කාවේරි මෙහෙයුම අතිශය සාර්ථක බවයි.

ගුවනින් මෙන්ම මුහුදු මාර්ගයෙන් ද ක්‍රියාත්මක කළ එම මෙහෙයුම හමුවේ ගැටුම් හේතුවෙන් සුඩානයේ සිරවී සිටි ඉන්දියානුවන් 4,075 දෙනෙකු ආරක්ෂිතව මුදා ගත් බවයි.

එමෙන්ම රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කරන විට යුක්රේනය තුළ සිරවී සිටි ඉන්දියානුවන් මුදා ගැනීම සඳහා ආරම්භ කළ ගංගා මෙහෙයුම සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් පළ කළේය.

එමෙන්ම මෝචා සුළි කුණාටුවෙන් මියන්මාරයට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී ඉන්දියාව පෙරට පැමිණියේ සමීපතම මිතුරෙකු ලෙස බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පෙන්වා දෙන ලදී.

එමෙන්ම ඇෆ්ගනිස්තානයට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 10,000 ක් මෙන්ම සුඩානයට ටොන් 25 ක ආධාර ලබා දුන්නේ ද ඔවුන්ගේ සමීපතම මිතුරෙකු වන ඉන්දියාව බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!